මගේ හනී බනියා නිකං ඉන්න වෙලාවක කුරුටු ගාපු කොළේක මේ කවි පද ටික ලියවිලා තිබිල මං උස්සං ආවා..හමුවුණා ඔබ මටඑකමත් එක දවසකහැඳිනගත්තෙමි මාඔබ හොඳ මිතුරෙක් බවකාලයේ ඇවෑමෙන්හමුවෙලා කතා නොකල අපි,තවත් දිනෙක හමුවුණෙමුඔබ මා...ආදරයෙන් පිරිහදවතක් සමඟකලක මිතුරන් වූ අපපෙම්වතුන් වීමු අද...ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ... … [Read more...] about මගේ Hunny Bunny මට ලියපු කවි
මංඟල හමුව [මගේ සුරඟන #1]
ගාලු බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට වෙලා ගිනි ගහන අවුව දිහා ඇස් පුංචි කරන් මං බලන් හිටියා. ගිණි ගහන අව්වට රත් උන මූදු හුළඟ තාර පාරේ මිරිඟුවක් මවනවා. ඒත් එක දිගටම පෝළිමට වගේ එන වාහන ඒ මිරිඟුව කපාගෙන ඉස්සරහට යනවා..මට කවදාවත් මෙහෙම කෙනෙක් එනකම් බලං ඉඳල පුරුද්දක් නෑ.. ඒත් නිකං බලාගෙන පැය 3ක් 4ක් රස්තියාදු උනා කියල කිසිම හැඟීමක් දැනුනෙත් නෑ. ඒ හැම දේටම වඩා මට ඕන උනේ ඉක්මනටම එයාව දැක ගන්න...ඔව් අද එයා එනවා.. අඳුරගෙන මාසයකට ලං උනත් , පිංතූර වලින් දැකල … [Read more...] about මංඟල හමුව [මගේ සුරඟන #1]
මමත් දැන් බස් හිමියෙක්…
හැමදාම කිලෝමීටර් 100 කට වඩා මාතර-ගාල්ල බස්වල ගාටල ගාටලම දැං පදම් වෙලා. මුල් දවස්වල පට්ට එපාම උනත් දැන් නම් හුරු වෙලා. ඔන්න ඉතිං තවත් අළුත් ඉරක් පායපු දවසක මං තුමා සුපුරුදු ගමන පටන් ගත්තලු. (කොච්චර CTB තිබුනත් ප්‍රයිවෙට් බස්වලම යන්නෙ ආතල් එකේ මියුසිකල් ශෝ ටිකක් බල බල යන්න පුළුවන් නිසාමයි.)ඔන්න ඉතිං බස් එකට නැඟල ලස්සනට ජනේලෙ අයිනෙ සීට් එකකුත් අල්ල ගත්ත.. මට පොඩි කාලෙ ඉඳල එන පුරුද්දක් තමයි මොකක ගියත් ජනේලෙ අයිනමයි ඕන වටපිට බල බල යන්න.. සක්කරයගෙ පුතා … [Read more...] about මමත් දැන් බස් හිමියෙක්…
අවිනිශ්චිත හෙට දිනක් වෙනුවෙන් සුභ පැතුම් !
කාලෙකට කලින් අඟුළු දාපු කවුළුව දිහා මං ඔහේ බලං හිටියා. මේක අපහු ඇරල බලන්න තදින්ම ඕන උනත් අතීතයේ උන දේවල් මතක නිසා ආපහු බය හිතුනා.මං අපිළිවෙලට බඩු විසිරුණ කාමරේ දිහා ආපහු බැළුවා. හැම තැනම අපිලිවෙලයි.ගිය පාර මේ කවුළුවෙන් ඇතුලට ආපු දරුණු කුණාටුව මේ හැමදේම විනාස කරල අවුල් කරල මේ කවුළුවෙන්ම ආපහු ගියා. ඒ ගැන හිතද්දිත් ඇඟ කිලිපොලා යනවා.ඕන දෙයක් උනාවෙ. මට බෑ තවත් කොටු වෙලා ඉන්න. මට බලන්න ඕන මේ කවුළුවෙන් එපිට ලෝකයේ ලස්සන. අඳුරට හුරු වෙච්ච මගේ ඇස් ආසයි … [Read more...] about අවිනිශ්චිත හෙට දිනක් වෙනුවෙන් සුභ පැතුම් !
නත්තල් සීයා
පොඩි එකා බෙල්ල උස්සල වටපිට බැළුවා.. වට පිට හරිම කලබලයි. වාහන වේගෙන් යනවා. ඊට වඩා වේගෙන් මිනිස්සු යනවා. ඊටත් වඩා වේගෙන් කාලය යනවා. පොඩි එකාට මේව වැදගත් නෑ. හරි බරි ගැහිල වාඩි වෙලා හිටපු තැනින් නැඟිටල වටේ පිටේ නත්තලට සරසපු සැරසිලි දිහා ඇස් දෙකත් ලොකු කරන් බැළුවා.. හැමෝම සතුටින්..පොඩි එකා තමන්ගෙ කෙලින්ම තිබුණ රතුපාට ගාපු පාට පාට සැරසිලි දාපු මාළිගාව දිහා බැළුවා. හරිම ලස්සනයි.. තමන් වගේම පොඩි උන් තමන්ගෙ අම්මල තාත්තල එක්ක හිනා වෙවී ඒක ඇතුලට යනවා. එයාල … [Read more...] about නත්තල් සීයා