domain එකේ renewal mail එක ගුගල් එකෙන් ආවම තමයි බ්ලොග් එකක් කියල මෙව්වා එකක් තිබුන නේද කියල මතක් උනේ. ජොබ් එකයි, ඩිග්රි එකයි, ෆේස් බුකියෙයි වැඩ වලට වෙලාව ගියාම බ්ලොග් කෙරුවාව නතර වෙලාම ගියා.
මුලින්ම ආගිය විස්තර ටිකක් කියල ඉමුකෝ.. (ඔව් ඔව් පම්පෝරියක් තමයි ) ඉන්ස්ටියුට් එකෙන් එලියට පැනලා ජොබ් එකට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනවා. ජොබ් එකට ආවේ බයේ ගැහි ගැහි internship/ trainee software developer කෙනෙක් විදියට උනත් මේ ටික කාලේ ඇතුලත, මේ වෙද්දී Head Of Development (HOD) එහෙමත් නැත්නම් Middle Level Management එකට පැන ගන්න පුළුවන් උනා. මොකද කින්ඩියට හිනා වෙන්නේ
ගොට්ට අල්ලලා නෙවෙයි බන්, කරවල කටු අමුවෙන් කාල තමයි මේ තරම්වත් දුර ආවේ. කොටින්ම කිව්වොත් එක දිගට පැය 24 ක් ඔෆිස් එකේ වැඩ කරපු උන් දැකල නැත්නම්, සප්ප්‍රයිස්
මෙන්න ඉන්නවා..
පළවෙනිම ජොබ් එක නිසාත්, වදයක් නැතුව බෝසාල සහ ස්ටාෆ් එකේ අනිත් උන් එක්ක ඉන්න පුළුවන් නිසාත් දුම්මල ගහල එලෙව්වේ නැත්නම් තව චිරාත් කාලයක් ඉන්න තමයි අදහස. බලමුකෝ…
ලොකු කම් දොඩා අවසානයි. අමාරුවෙන් කියවූ සැමට ස්තුතියි !
හරි. අලුතෙන් ෆීල්ඩ් එකට බහින නංගිලා මල්ලිලා දුලා පුතාලට වැදගත් වෙන ටිකක් කියන්නම්.. මීට අවුරුද්දකට දෙකකට කලිනුයි දැන් මේ වෙද්දියි කැම්පස් වලින් “ට්‍රේනින් පල” කියල එලියට දාන සෙට් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. Interview එන බහුතරයකට තියෙන්නේ තියරි දැනුම විතරයි. අඩුම ගානේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නෙකට වත් උත්තර දිගන්න බැහැ. තනිකර අමුම අමු ගිරව්.
ආතල්ම සිද්ධිය මෙයාල code පවා කට පාඩම් කරනවා . දන්නා දෙයක්ම පොඩ්ඩක් හරි වෙනස් කරලා ඇහුවොත් හුටා තමා..
රත්තරනේ, ලක්ෂ ගණන් දීලා තියරි ටිකක් ඉගෙන ගෙන ට්‍රේනින් ආවම ප්‍රැක්ටිකල් ටික කරවලා මාසේ අන්තිමට සැලරි එකකුත් ගෙවන්න ප්‍රයිවෙට් කම්පැනි වලට නිකන් කසනවා කසනවා වගේ නැහැ.
ඒ නිසා තනියම ඉගෙන ගන්න (self study) ඔයා කොහේ ගියත් මොන තැනක හිටියත් ඒකෙන් විතරමයි ගොඩ යන්න පුළුවන්. ඔයාගේ බැජ් එකේ 100 ක් ඉන්නවා නම් ඉතිරි 99 දෙනාට වඩා පොඩි එක දෙයක් හරි ඔයා තනියම ඉගෙන ගන්න. අනිත් හැමෝම දන්නා දේම ඔයත් දන්නවා නම් ඔයා යුනික් වෙන්නේ නැහැනේ. Interview එකකින් තෝරා ගන්නේ එන අයගෙන් විශේෂ කෙනෙක් මිසක් common interviewee කෙනෙක් නෙවෙයි.
අනික සැප බලාගෙන ට්‍රේනින් එන්න එපා. ට්‍රේනින් කියන්නේ අඩු පඩියට ගන්න පුළුවන් උපරිම වැඩ ගන්න එකට. නැත්නම් ඉතින් හැම කම්පැනි එකෙන්ම ෆුල් කොලිෆයිඩ් උන් විතරනේ ගන්නේ.
හරි ඇති කට්ටක් කාල ට්‍රේනින් එක ගොඩ දාගත්ත කියන්නේ එතන ඉඳන් ජිවිතේ මොන ජොබ් එක හම්බ උනත් ඒක කොච්චර අමාරු උනත්, නතින්..
20,000 ක පඩියක් ගන්න නම් ඔයා ආයතනයට 50,000 ක වත් වැඩ කරන්න ඕන. නැත්නම් ඉතින් 20,000 ට 10,000 ක වැඩ කරලා හරි, හරියටම තිතට 20,000 ක වැඩ කරොත් හරි කම්පැනි එකට ප්‍රොෆිට් එකක් නැත්නම් ඔයාව තියා ගන්නේ නැහැ.
Organization එකක් හැම තිස්සෙම අංක 1 ට බලන්නේ profit margin එක. ඒවයි founders, CEO, directors ල වෙස්සන්තරලා නෙවෙයිනේ employees ලට නිකන් පඩි ගෙවන්න (අපේ බොසා මෙය නොදකිවා..! pray for me.)
උද්ගෝෂණ, වැඩවර්ජන කරා කියලා පවතින ක්‍රමය වෙනස් කරන්න බැහැ. කරන්න ඕන පවතින ක්‍රමයට අනුව තමන් වෙනස් වෙන්න ඕන. තමන්ගේ වගකීම යුතුකම නියමිත විදියට කරනවා නම් ඉබේම තමන්ගේ අයිතිවාසිකම් ටිකත් ලැබේවි. අපේ අයියලා කරන්නේ එකේ අනිත් පැත්තනේ.
හැබැයි මැරීගෙන වැඩ කරලත් කිසිම ප්‍රතිලාභයක් නැත්නම් හරි ඇගයීමක් නැත්නම් හරි, එතන ඉඳලා තේරුමකුත් නැහැ. තමන්ට ගැලපෙන තැනක්, තමන්ට නිසි ඇගයීමක් ලැබෙන තැනක් ඉක්මනින් සොයා ගන්න.
හරි අන්තිමට කියන්න තියෙන්නේ ජොබ් එක කියන්නේ ජිවිතයම නෙවෙයි.. ජිවිතේ වැඩිම කාලයක් ගත වෙන්නේ මේ වෙනුවෙන්ම තමයි, නමුත් ජිවිතේ තව ගොඩක් දේවල් තියෙනවා විඳින්න.. ගත වෙන හැම තප්පරයක්ම ආපහු roll back කරන්න බැහැනේ. ඒ නිසා ඉන්න ටික කාලේ සේරම බැලන්ස් කරන ජොලියේ ඉමු.
(මාසෙට පාරක්වත් ලියන්න ඕන )
අනේ බං මේ ටෙම්පලේට් එක හෙන ඔලුව කැක්කුංනේ
කමෙන්ට් එක පබිලිස් උනාද නැද්ද බං
පබ්ලිස් වෙලා තියෙන්නේ මේ 🙂
කොහොමත් ප්‍රයිවට් ආයතන වල සූරාකෑම තියෙනවා. ඒකට මුහුණ දීලා, නැගිටින එකාට, පාට් ටයිම් වගේ තනියම වැඩකරලා, තමන් කොලිෆයිඩ් වෙන්න කැපකරපු කාලයට සරිලන මුදලක් උපයගන්න පුළුවං…… Read more »
අද තමා මේ පොස්ටුව කියෙව්වෙ යසිත් අය්ය කලින් දාපු පොස්ටුවකුත් මට සම්මුඛ පරීක්ෂණ වලදී සරින් සැරේ මතක් උනා අර තමන්ගේම project දෙක තුනක් කරන්න කියල… Read more »
තනියම වැඩ කරන එක හොඳයි, නමුත් ලොකු රිස්ක් එකක් තියෙනවා.project ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. ලෙඩක් දුකක් උනොත් එදා වැඩ කරලා හමාරයි.development, maintenance, support services, breakdowns… Read more »
වැදගත්ම දේ practical knowledge තමයි, අද නැත්තෙත් ඕකමයි, ජීවිතේට ලෙක්චර්ස් ගියාට, තියරි පාඩම් කරාට ඕක ගන්න බැහැ. අනිත් එක මම දැකල තියෙනවා ඩිප්ලෝමා වගේ ඉවර… Read more »
පාටියක් දීපන්
මාත් ආවා මේ පැත්තට කමෙන්ටුවක් දිගේ. සුභ පැතුම් !
අමුතුම විදිහෙ බ්ලොග් එකක්.. මම මුලින්ම ආවෙ අද. හැබැයි ආයෙ හැමදවසකම එනවා. දිගටම ලියන්න.
සුරාකැම ගැන නම් කියලා වැඩක් නැ, නමුත් බොහොම ඉවසීමෙන් තමන්ගෙ ප්‍රතිපත්ති ආයතන ප්‍රධානින්ට පැහැදිලව පේන්වන ගමන් productive , quality , accurate , විදිහට තමන්ගේ රාජකාරිය… Read more »
හරියටම හරි යසිත්, මං IT ෆීල්ඩ් වැඩ කරන කාලෙත් අපි ගොඩක් දෙනෙක් මුහුණ දුන්න බරපතල දෙයක් තමයි තමන් ගොඩක් ඉහළින් පස්ස් වෙලා ආවත් තමන් තුල… Read more »
අදයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ, යසිත් ඇත්තටම කට්ටක් කාල උඩට ඇවිත් තියෙන බව කාලෙකින් පොස්ට් එකක් ලියන්න තරන් හිතට දැනිමෙන්ම පැහදිලි, නැත්නම් කාට බොරු… Read more »
🙂
ලිපිය නියමයි යසිත. මාත් ඕං ට්‍රේනින් කියල කැම්පස් එකෙන් එලියට දාල තියෙන්නෙ. මටනං වැදගත් මේක. ඔන්න මං හොයාගෙන හොයාගෙන ආව. දැං ඉතින් දිගටම එනව.
වටින කතාවක් යශ්. සහතික ඇත්ත. පොඩි හරි දෙයක් ගන්න අයට මේ ලිපිය වටිනවා. ජය.
[im]http://gifdanceparty.giphy.com/dancers/chicken.gif[/im]
ස්තුතියි ! 😀
හැම දවසකම ආවට කියවන්න අලුත් ලිපි තමයි නැත්තේ 🙁
බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට 😀 සහ පැතුමට 🙂
:-bd :-bd :-bd
:-bd :-bd :-bd
අඩේ. ආයෙ ලියන්න පටන් ගත්තද? මට මෙච්චර දවසක් රණ්ඩු වෙන්න බ්ලොගර් කෙනෙක් නැතුව අප්පා හිටියෙ!
වෙල්කම් බැක්! පම්පෝරි ටික ඕක්කොම කියෙව්වෙ නෑ! බට් ජය වේවා!