හැම කොල්ලම හොයන්නේ මොන වගේ කෙල්ලක්ද ? හොඳ ගුණයහපත් කෙල්ලක්ද ?
ඔව්, නමුත් ඒ උත්තරේ එන්නේ පෝලිමේ දෙවෙනියට නේද?
මුලින්ම හිතට ආපු උත්තරේ “එළකිරි කෑල්ලක් “
හැමදාමත් කියනවා වගේ “පට්ට කෑල්ලකට” වඩා “එළකිරි කෑල්ල හොඳයි”. ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එකක ඔය දෙකේ වෙනස පැහැදිලි කරාද කොහෙද.
හරි ඒක නෙවෙයිනේ අපි කතා කරේ. කොල්ලෙක්ට “උඹට හරියන කෙල්ලක්” කියපු ගමන්ම මුලින්ම හිතට එන්නේ මොකක්ද ? එතැනදී කොල්ලගේ භූමිකාව අදාළ වෙන්නේ නැහැ, ඌ අහිංසකයෙක්, මැරයෙක්, බේබද්දෙක්, කුඩු කාරයෙක්, එලොවටත් මෙලොවටත් දෙකටම නැති එකෙක් තියා මොකෙක් උනත් මුලින්ම හිතේ මැවෙන්නේ කෙල්ලෙක්ගෙ රූපයක් නේද ?
අන්න ඒ මැවෙන රූපේ ගැනයි නිකමට අකුරු ටිකක් කොටලා යන්න හිතුනේ. මොකද මේ දවස්වල තියෙන යහපාලනයත් එක්ක අපේ ගෙදර අයත් මම මුලික කරගෙන ඔය මාතෘකාව ගැන උනන්දුයි වගේ පේනවා.
හරි, “කෙල්ලෙක්” කියන වචනේ ඇහුන ගමන් කොල්ලෙක් ඉදිරියේ මැවෙන හොලෝග්‍රෑම් එක මොකක්ද. සමහරුන්ට ඉස්කෝලේ කාලේ මතකයක්,බස් එකේ හෝ අතරමග අහම්බෙන් කැප්චර් උන එකක්, එහෙමත් නැත්නම් සනී ලියොන් වගේ කෙනෙක් උනත් වෙන්න පුළුවන්.
ඒ කවුරු කොහොම උනත් එක එක කොල්ලගේ ටේස්ට් එක වෙනස්. අදහස් වෙනස්, දකින කෝණය වෙනස්, හැඩය වෙනස්. එහෙම නොවුනම් නම් ලොකූ ගැටුම් ඇති වෙනවා. තාමත් සමහර වෙලාවට ටේස්ට් එක සමාන දෙන්නෙක් අහම්බෙන් සෙට් වෙලා එකම කිරිටොපිය පස්සේ දුවලා කකුල් කඩාගෙන කොත්තමල්ලි බොන්න වෙන අවස්ථාත් නැත්තේම නැහැ.
නමුත් බොහෝ විට ඇත්තටම සිද්ධ වෙන්නේ ඇහෙන් දකින රූපයට වඩා ඇසට දැනෙන රූපය තමයි කොල්ලෝ හොයන්නේ. හැමෝම නොවෙන්න පුළුවන් නමුත් බහුතරය එහෙමයි.
හොඳම උදාරහණය තමයි, ඔබ කොල්ලෙක් නම් තමන්ගේ යාළුවා කෙල්ල ගැන කරන වර්ණනාව අහන් ඉන්න. හැබැයි ඒක අහන්න වෙන්නේ යාළුවට ඒ කෙල්ල තවමත් මනාපය දීලා නැත්නම් විතරයි, මොකද මට අද වෙනකම් ඇහිලා නැහැ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් තමන්ගේ කෙල්ලගේ ලස්සන ගැන තවත් කොල්ලෙක් එක්ක කියනවා
(ඇත්තම කතාව බය සහ ලෝභකම)
සමහර වෙලාවට ඔයාම කියල ඇති ඒ කෙල්ල කැතයි කියලා. නමුත් ඌ ඒක පිළිගන්නේ නැතුවත් ඇති.ලෝකේ ලස්සනම කෙල්ල එයා කියනවා ඇති.
එත් අපිට පෙන්නේ ඒකි හැළ වැඳිරියක හෝ පේන්ට් කරලා බොඩි කිට් ගහපු පරණ ඉබ්බා කාර් එකක් වගේ වෙන්න පුළුවන්. එත් යාලුවට ඒක ලම්බෝජිනි අවුඩියක් වගේ පේනවා ඇති.
ලෝකේ හැමදෙයක්ම සාපේක්ෂයි, ඒක දකින විදිය අනුව. එහෙනම් ලස්සන කියන මිණුම් දණ්ඩත් අනිවාර්යයෙන්ම සාපේක්ෂයි දකින කෝණය සහිත පුද්ගලයා අනුව. ඒ දකින ලස්සන අනුව තෝරාගැනීම තමයි නියම තෝරාගැනීම.
එහෙනම් තමන් කැතයි කියලා හිතාගෙන පාප්ප මුණේ ගාන ගෑනුලමයි දුක්වෙන්න ඕන නැහැ. ගොඩක් අයට අවශ්‍ය අනිත් කෙනාට සාපේක්ෂව තමන් ලස්සනයි කියලා අනිත් අයට හඟවන්න.
නමුත් විය යුත්තේ ඒක නෙවෙයි, අනිත් අයට නොපෙනෙන ලස්සනක් කෘතිමව මවාපානවට වඩා, අනිත් අය නොදකින ලස්සනක් තමන් තුල දකින කෙනාගේ ජීවිතය ලස්සන කරන එකයි.
***
වෙලාව තියෙන වෙලාවට අනිත් එව්වා අස්සේ රිංගලා කියවනවා. නමුත් නැත්තෙත් වෙලාවම තමයි. පුළු පුළුවන් විදියට බ්ලොග් එක අප්ඩේට් කරන්නම්, කට්ටියට නම් දැන් මාව අමතක වෙලත් ඇති
111
කවුද අනේ මේ? 😛
තොටත් දැං මෝල් අමාරුව ගහලා.. හැක්.. ජය වේවා. මටනං ඉතිං උඹව අමතක වෙන්නෑ..
//ගොඩක් අයට අවශ්‍ය අනිත් කෙනාට සාපේක්ෂව තමන් ලස්සනයි කියලා අනිත් අයට හඟවන්න.නමුත් විය යුත්තේ ඒක නෙවෙයි, අනිත් අයට නොපෙනෙන ලස්සනක් කෘතිමව මවාපානවට වඩා, අනිත් අය… Read more »
😛 ඇයි මිට කලින් මාව දැකල නැද්ද ?
ගෑනු දැරිවියෙක් හොයන් තැන්පත් වෙන්න හදුවමත් මුන් කුප්ප කතා කියන්න එනවා. මේකද යකු යහපාලනේ :-/
එහෙනම් දුවලා දුවලා ගිහින් කාගේ හරි ජිවිතේ ලස්සන කරන්න 😛
හප්පේ… දැක්ක කල්!
🙂 හලෝ. කොහොමද.
Aha ha nice topic..keep up your good work
mmm Gud 😉
පට්ට ????
😀
කොහොමත් තව මොන පට්ට කෑල්ලටත් තව ටික කාලෙකින් සාමයෙන් කොල්ලන්ව share කරගන්න වෙනවා.ලංකාවේ දැන් එක කොල්ලට කෙල්ලෝ 3 ගානෙලු අනුපාතය.. (හැබැයි මගේ කෙල්ලෝ 3 දෙනාත්… Read more »
යකූ ටෝ කියන විදියට හැම කොල්ලම පට්ට කෑලි හොයනවනං කුමාරි තකදොම්බෙ වගේ ඉන්න අපි හැමදාම තනිකඩයිනෙ. ඔහොම කියන්නෙපා ඩෝව්, පපුව කීං ගානව.
// අනිත් අයට නොපෙනෙන ලස්සනක් කෘතිමව මවාපානවට වඩා, අනිත් අය නොදකින ලස්සනක් තමන් තුල දකින කෙනාගේ ජීවිතය ලස්සන කරන එකයි.// හැමෝටම මෙහෙම හිතන්න පුලුවන් නම්…..
හැමෝම එහෙම හිතුවොත් හැමෝම හොඳ වෙනවනේ.. නරක උනුත් ලෝකේ ඉන්න ඕන 😉
වැඩක් නැහැ. ලංකාවේ කෙල්ලෝ මේකප් නාන හැටි දැක්කම සෝමාලියාවේ කෙල්ලෙක් හොඳයි කියල හිතෙනවා.ඔහේ කරනවට කරනවා මිසක්, පොඩ්ඩක් හොයල බලල නෙවේ කරන්නේ. ඒ අතින් වෙන රටවල… Read more »
"අනිත් අයට නොපෙනෙන ලස්සනක් කෘතිමව මවාපානවට වඩා, අනිත් අය නොදකින ලස්සනක් තමන් තුල දකින කෙනාගේ ජීවිතය ලස්සන කරන එකයි."ගෑනු ළමයින්ට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක…නියමයි.මමත්… Read more »