මාස 6 කින් විතර කිසිම අලුත් පොස්ට් එකක් ලියන්නවත්, යාළුවොන්ගේ බ්ලොග් කියවන්නවත් එන්න බැරි උනා. ඒ ජිවිතේ කාර්යබහුලම මාස 6 ඒ කාලය නිසා..
Higher Education Stages 2 ක් අවසන් කරලා Professional life එකේ මුල්ම අඩිතාලම විදියට Software & Web Developer කෙනෙක් වෙන්න මට අවස්තාව ලැබුනා. මේක මගේ මුල්ම රැකියාව. තාමත් ඉගෙන ගන්න අයටයි, මේ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයටයි වැදගත් වේවි කියල හිතෙන නිසා පහුගිය ගතවුණ මාස 6 ගැන විස්තර ටිකක් කියන්නම්.
NIBM Higher Diploma ඒක අවසන් වෙලා මාසයක් ඇතුලත හැම කෙනෙක්ම ට්‍රේනින් තැනක් සෙට් කරගන්න ඕන, නැත්නම් අවුරුද්දක් ෆේල් විදියටයි සැලකෙන්නේ. ඉතින් කවදා කාපු ටකරන්ද, දැන් හොයාපන්කෝ ජොබ්…
ගොඩක් අය ගොඩක් දේවල් කියනවා, මම මගේ පුද්ගලික අත්දැකීම කියන්නම්..
මුල්ම දේ උනේ හොඳ CV එකක් හදාගන්න ඒක. ඇත්තටම Standard CV එකක් හදනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. එකේදී අඩුපාඩු පෙන්නලා දීලා වැරදි හැදුවේ තෙපුල් සර් සහ ශාකුන්තල අයියා..
CV ගැන හොඳ ලිපියක් ශාකුන්තලගේ බ්ලොග් එකේ තියෙනවා..
http://blog.shaakunthala.com/2014/01/improving-your-cv.html
වෙබ් එකේ තිබුන හැම ජොබ් සයිට් එකකටම හැමදාම වගේ ගියා, දකින දකින එකට CV දැම්ම. තව දෙයක් ඔයා ජොබ් එකකට ඇප්ලයි කරද්දී ඒ ආයතනයේ නම, CV ඒක දාපු දිනය වගේ විස්තර පොඩ්ඩක් Note කරලා තියා ගන්න. නැත්නම් ඉන්ටර්විව් කෝල් කරාම හිතා ගන්න බැහැ කොහෙන් කවුරු කතා කරනවද කියලා.
මම දැනට CV 57 ක් යවලා තියෙනවා, එකෙන් 41 කින්ම ඉන්ටර්විව් කෝල්ස් ආව.
ඔයා ෆ්‍රෙෂ් නම් තමයි මෙච්චර කට්ටක් කන්න වෙන්නේ, එක්ස්පිරියන්ස් තියෙනවා නම් ඕන තැනකට ටකස් ගාල ගන්නවා.
ඉන්ටර්විවී 3 කට මම ගියා, අපරාදේ කියන්න බෑ ඒ 3 න්ම සිලෙක්ට් උනා, එකෙන් හොඳම ඒක තෝරලා තමයි මම දැන් ඉන්න තැනට එකතු උනේ..
දැන් ඔයාල හිතනවා ඇති ඉන්ටර්විවී ගියපු ගමන් පාස් වෙන්න මම මාර පොරක් කියලා. එත් මගේ රිසල්ට්ස් බොහොම සාමාන්‍යයි. එක්ස්පිරියස් මුකුත්මත් නැහැ…. ඇත්තටම මම ලියන විභාග දැක්කත් බයයි.
එහෙනම් ,
ඔයා අලුතින්ම ජොබ් එකකට යන්න හිතනවා නම් (IT Industry එකේ) හොඳ රිසල්ට්ස් තියෙන ඒක හොඳයි, නමුත් මුලිකම දේ ඒක නෙවෙයි.
හදාගන්න තමන්ටම කියල ප්‍රොජෙක්ට්ස් ටිකක්, කැම්පස් එකේ හවුලේ කරපුව නෙවෙයි, තමන් තනියම කරපුවා..ඔන්න ඕක තමයි ඉන්ටර්විව් බෝර්ඩ් ඒක මුලිකවම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.. සහතික, කොළ කෑලි දෙවෙනියට..
මම මෙහෙට ආපු ඉන්ටර්විව් එකේදී සහතික තියෙන ෆයිල් එක අතටවත් ගත්තේ නැහැ එයාල.. කරපු ප්‍රොජෙක්ට්ස්, සහ ඒ සම්බන්ධව ප්‍රශ්ණ ටිකක් විතරයි. ඒ ටික ගොඩ දාගන්න පුළුවන් නම් ඔයත් ගොඩ.
දැන් ජොබ් එක,
Probation period එකේ තියෙන්නේ ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගත්ත දෙයින් වැඩ කරන්න. අනික ඒක දෙකට සිමා වෙන්න එපා. මම මෙහෙට ආවේ PHP Developer කෙනෙක් වෙන්න හිතාගෙන උනත් දැන් VB, Android, SQL, Java වගේ හැම දෙයක්ම කරනවා. මුලින් ඒක පිස්සු වැඩක් කියල හිතුනත් හැම දෙයක්ම ඉගෙන ගන්න ඒක මාර වටිනවා..
ආයතනික පැත්තෙන් ගත්තොත් මම හිතනවා මට හම්බ උනේ හරිම තැන කියලා. කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව හැම දේම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මම හිතන්නේ මම තරම් කට්ට කන්නේ නැතුව ඇති වෙන කවුරුවත් අපේ බැජ් එකේ.
උදාහරණයක් කිව්වොත් ඊයේ උදේ 8 ට ආපු ඒක අද උදේ 3 ට ආපහු බෝඩිමට ගිහින් පැය 3 ක් නිදාගෙන ආපහු උදේ 8 ට එනවා. රැයක් දවාලක් කියලා වෙනසක් නැහැ.
හැබැයි මෙහෙම කට්ටක් කන්න හුරු උනා කියන්නේ වෙන ඕනෑම ජොබ් එකක් දරාගන්න පුළුවන්.
ඩිරෙක්ටර්, ප්රෝග්‍රමර්, සුළු සේවකයා කියලා වෙනසක් නැහැ. හැමෝම යාළුවො වගේ. වැඩ උනත් තමන්ගේ කොටස කරලා නිකන් ඉන්නේ නැහැ. කොටින්ම “ජොබ් එකක්” කියන න්‍යාය මෙහෙ නැහැ.
දැන් කොල්ල වැඩ පටන් අරන් මාසයක් වෙනවා. පලවෙනි පඩියත් හම්බ උනා කියමුකෝ. ඉතින් සාම්ප්‍රදායික චාරිත්‍රානුකුලව ගෙදර අයට තෑගී උස්සන් ගියා. ඇත්තටම ඒක මාර මොරාල් අප් වෙන වැඩක්. තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් අම්මට තාත්තට දෙයක් දෙනකොට ඇතිවෙන හැඟීම මාරයි.
මුළින් මහලොකු salary නැහැ. එත් අත්දැකීම් එකතු වෙන්න වෙන්න ඒක ඉබේම වැඩි වෙනවා.
මගේ තාත්ත මම මෙහෙට එද්දී කියපු දෙයක් තමයි, “හම්බ කරන්න ජොබ් එකක් කරන්න එපා – ජොබ් එකෙන් හම්බ කරන්න”
මුල්ම පඩියෙන් ඉතින් තාත්තට නෝමල් ෆෝන් එකකුයි, අම්මටයි නංගිටයි ඇඳුම් ගන්න කියලා ගිෆ්ට් වවුචර්ස් 2 කුයි දුන්නා. මාර හැපී.
මටයි කියලත් මතක හිටින්න දෙයක් ඕන නිසා තව ඉතුරු කරපු සල්ලි ටිකක් දාලා කාලයක් තිස්සේ පැණි හලපු නොකියා ලුමියා බබෙක්ව ගත්තා..
Cool … මම දැන් ලොකු ළමයෙක්…
තමාට අධ්‍යපන සුදුසුකම් වලට අමතරව ප්‍රාෙයා්ගික සුදුසුකම් තියෙනවා නම් තමාට කැමති රැකියාවක් තෝරා ගන්න පුළුවන්. අධ්‍යාපන සුදුසුකම් පමණක් තියෙනවා නම් ඉතින් ලැබෙන රැකියාවක් කරන්න තමා… Read more »
බොහොම ස්තුතියි ඔයාගේ අත්දැකීම් බෙදාගත්තට .මට මේක ගොඩක් වටින ලිපියක් මොකද තව මාස කීපයකින් අපිට internship පටන් ගන්න හදන්නෙ.කොයි වගේ සුදුසුකම්ද ඒ අය අපෙන් බලාපොරොත්තුවෙන්නෙ… Read more »
ඕක හරිම ආතල් වැඩක් බං.. මං හා හා පුරා කියලා සල්ලි හම්බ කළේ මගේම කොම්පැනියක් දාගෙන කරපු වැඩකින්!
ජය!!!!
මෙන්න මෙයා ඇවිල්ල සුබපැතුම්…………………………………..
අහ් නියමයි නියමයි.. ඔහොම යමු කොල්ලෝ..
අනිවා.. ඇත්ත කතාව.. 🙂
ඔයා ඔක්කොටම A+ ගත්තත් වැඩක් නැහැ ප්‍රැක්ටිකල් බැරි නම්.. මුලිකවම බලන්නේ ඒක..හොඳ ප්‍රොජෙක්ට්ස් 5 ක් විතර දැම්මම කරලා තියා ගන්න. එදාට පෙන් එකකට වගේ අරන්… Read more »
මමත් දානවා මගේම කොම්පැනියක් ඉක්මනටම :-*
ඕයේ… B-)
හැමදාම මගෙ බ්ලොග් එකට එද්දි බලනවා ඔයාගෙ අලුත් පොස්ට් එකක් තියෙනවද කියල.අද අලුත් එක දැක්ක ගමන් කියෙව්වා. හරිම සංතෝසයි.ඔයා වගේ හැමෝම හිතනව නම් කොච්චර හොඳද?… Read more »
ලොකු ලමයට සුබ පතනවා…:D
🙂 තැන්කු වේවා !
ඔන්න එහෙනම් අලුත් රැකියාවට සුබ පැතුවා!
ජය පතනවා. අපේ ගොඩක් අයට ඔය කැපවීම බැහැ. අයිස් ගහලා සල්ලි හම්බකරන්න තමයි කැමති. ඒක ජාතියේ . ලෙඩක් ද මන්දා. අපේ ජාතියට කවදා හරි ඇද… Read more »
ජය වේවා මචෝ.. උඹ යන මග ඉලලක්කයක් ඇති නිසා යන ගමන මහන්සි නොබල විමසිල්ලෙන් යන්න.. ජයම් වේවා..
සුබ පැතුම් යසිත්… ! කෝමද ලුමියා බබා හොඳ ද 🙂
බුදු අම්මේ කොහෙද මෙච්චර කල් ගියේ.. හෙව්වා හෙව්වා.. දන්නා කියන අයගෙනුත් ඇහුවා.. කවුරුවත් දන්නේ නෑ..
අපි හිතුවේ ගම රට දාල ගිහින් කියලා
ජයවේවා මල්ලි…
ස්තුතියි !
ප්ලෑන් නම් ගොඩක් තියෙනවා.. බලමුකෝ එකින් එක.. 😀
එහෙමයි ලොකු අක්කේ.. 😛
ස්තුතියි ! කස්ටියම තාම ඉන්නවනේ එහෙනම් 🙂
තැන්කු. බලමු බලමු ජාතික වීරයෙක් වෙන්න.. හි හි 🙂
ඔව්… ඔව්.. ඉක්මනටම යන්නත් ඕන නැත්නම් වැඩක් නැහැ..
Thanks.. ලුමියා බබා නියමයි 😡
කාලෙකින් මචන් සුබ පතනවා ජොබ් එකට
සුබ පැතුම් අපෙ පොඩි අය්යට…. මම ඇත්තටම හිතුවා ඔහේට මුනා හරි වෙලා ඇති කියලා..))
Congratulation mchn
Rajeewa
ළඟදීද ගියේ යසිත් අයියේ ජොබට?
කොහොමද ඉතින් ජොබ ?
සුභ පැතුම් මචෝ…. එල කිරි වගේ වැඩ ටික කර ගනින්…..
ෆීල්ඩ් එක කෝක උනත් අලුතින්ජොබ් කරන අයට හොඳ කතාව.
superb article. keep it up !!
ජයවේවා….