• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..

2014-03-09 දින රචනා කරන ලදී.

ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා..
මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා.

කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ..

හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ මුල්ලකට වෙලා Despicable Me: Minion Rush පැන්චෝ Game එක ගහනවා. (පොඩි උනාට මරු. Microsoft App Store එකෙන් Download කරගෙන බලන්න)

කොහොම හරි ඔන්න අපේ ජුන්නෝ බැජ් එකකටත් Tea-Break එක ලැබිල. එයාලත් කැෆේ එකේ පිරුණා. පැන්චෝ Game ගහන අතරේ පැන්චියෝ දිහා බලන එකත් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්නේ.
කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන්න බැහැ සමහරු නම් ඉන්නවා බලන උන්ට හෙන ගහපන් කියල කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ එක කටට රෝල්ස් එක ගිලල ඒ හුස්මටම බිම එකේ අන්තිම බින්දුවත් උගුරට හලාගන්න.. අනේ වාසනාවන්.

ගැහැණු කොහොමත් සාමාන්‍යයෙන් කැපිලා පෙන්න ආසයිනේ, එත් ඔය අතරෙත් ඉන්නවනේ කැපිලා x 2 පෙන්නන අයත්. එහෙම අය තමයි අනිත් අයගේ අවධානෙ ගන්න අමුතු අමුතු ඒවා කරන්නේ.. මෙතනත් ඉන්නවා එහෙම කෙනෙක්, හැමදාම අලුත්ම කැපිලා පේන ඇඳුම් (ඒවා නිකන් වියදම් යනවට ලෝබ කමේ මහපුවද කොහෙද) එක එක විකාර ගොඩයි.
හැබැයි අපරාදේ කියන්න බෑ සෝයි කෙලි පොඩ්ඩ. ෆේෂල්ද අරවද මෙව්වද කරලා ලස්සනට එම්බාම් කරපු මුණකුත් තියෙනවා. එහාට මෙහාට දුවනවා. මහා හයියෙන් හිනා වෙනවා.හරි සිරියාවයි.

මම, ගේම් එකේ ඔලුව ඔබන් ඉන්න යාලුවට,
මචන් අරක බලපන්..

යාළුවා – හ්ම්ම්ම්ම් .. හිටපන් මේ කෙහෙල් ගෙඩිය ගන්නකම්..

මම – කෙහෙල් ගෙඩිය අරන් %^$^%#%@%^$.. අර බලපන්..

යාළුවා – ශා.. සෝයි ළමිස්සි…

මම – කොහොමද එකී ඇවිත් උඹෙන් කැමතිද ඇහුවොත් යාලුවෙනවද ?

අරු.. මන් දිහා කින්ඩියට වගේ බැලුව..
යාළුවා – මොනවද යකෝ අහන්නේ.. අර වගේ පට්ට කෑල්ලක් ඇහුවොත් තව මොනවද.. බෑ කියනවා නම් ඌ අර “සමනළයා” වගේ එකෙක් වෙන්න ඕන. එහෙම එකක් සෙට් වෙන්න පුරුවේ පින තියෙන්න ඕන මල්ලි.

මම – හා .. එහෙනම් ට්‍රයි එකක් දීලා සෙට් කරන බැඳ ගනින්කෝ.. අපිටත් හොඳයිනේ එතකොට 

යාළුවා – බඳින්න.. ??? තොට මොංගල් ද ? අරම එකක් කර ගහන්න නම් ඌට පුරුවේ ලොකු කරුමයක් පඩිසන් දුන්නොත් තමයි.

මම – ඇයි.. දැන් උඹමනේ ගොන් තඩියෝ කිව්වො අරකි සෙට් වෙන්න පූරුවෙ පින තියෙන්නේ ඕන කියල. දැන් කරුමයක් කියන්නේ ??

යාළුවා – උගුඩුවො, කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ HTML, Javascript වගේ.. Execute වෙන්නේ Client side විතරයි.. එත් පුතා බඳිනවා කියන්නේ PHP 5.4.26 වගේ අතිශය Advance දෙයක්. මොකද ඒක execute වෙන්නේ සර්වර් එක ඇතුලේ. Client ට පේන්නේ අර execute වෙන එකේ result එක විතරයි.
ඒ වගේම කවදාවත් HTML වලින් විතරක් database handle කරන්න බෑනේ. උබට උබේ සර්වර් එකයි Database එකයි පරිස්සම් කරගන්න ඕන නම් හොඳ PHP Framework එකක් පාවිච්චි කරන්න වෙනවා විස්වාසවන්ත සහ 3rd party access නැති.

මතකද ඕකි මෙහෙට ආවේ එක Host එකක. ටික දවසකින් මේකිගේ Version update උනා විතරයි වෙන Host එකකට මාරු උනා. කළින් Host එක දැන් හිටු කියල DDOS ගහනව වගේ බෙබේ ගහනවලු.

අනික බන් අපි, කොල්ලෝ මොකක් හරි චාන්ස් එකක් ලැබුන ගමන් කෙල්ලෝ සෙට් කර ගන්නවා තමයි. එත් බලපන් දැන් අපේ උන්ගෙන්ම මාස 6 ට වඩා කල් පැනපු ලව් කීයද තියෙන්නේ.. කෙල්ලගේ පොත්ත රතු වෙලා වැඩක් තියෙනවද බන් හැදියාවක්, ස්වයං පාලනයක් නැතුව. කොල්ලෙක් හදන්නත්, නැති කරන්නත් කෙල්ලෙක්ට පුළුවන්..

කවද හරි පවුලම, ගෙදර තනිකර Run කරන්න ඕන ගෙදර ගෑනි.. ඒකට ඔය කෙහෙල්මල් ලස්සනයි, පාටයි තිබිල මොකටද.. වගකීම් දරන්න පුළුවන්, කීකරු, කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක් බන් බඳින්න ඕන. මෙහෙම වසංගත හොඳ ටික කාලෙකට හයර් කරන්න විතරයි.

මම –    උඹ මට වඩා දියුණු වෙලානේ බන්……..

යාළුවා – හැම කොල්ලම එහෙම තමයි බන්. කවදාවත් උන් බඳින්න පට්ට කෑල්ලක් හොයන්නේ නෑ. යාලු වෙන්න විතරයි පට්ට කෑලි හොයන්නේ..

බලහන් උබේ මේ මඟුලක් බලන්න ගිහින් ආපහු මුල ඉඳන් මේක ගහන්න උනානේ. අපරාදේ කෙහෙල් ගෙඩි ටික.. 

මම – හා හා… දැන් උඹේ මහලොකු කෙහෙල් ගෙඩිය ගහ ගනින්කෝ. මම මේ ඇපල් ගෙඩියක් හොයනවා…

Like
Like Love Haha Wow Sad Angry
2

ලිපි වර්ගය: අත්දැකීම්-පෞද්ගලික, සිතන්නට යමක්

Recent Posts

  • කැපවීම – උනන්දුව සහ කාලෙකට පස්සේ….

    5 years ago23 Comments
  • මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …

    6 years ago18 Comments
  • මගේ මුල්ම ජොබ් එක…

    6 years ago32 Comments
  • මම නොවන මම……..

    7 years ago20 Comments
  • කාලෙකට පස්සේ……

    7 years ago25 Comments

About Yasith Gamage

45
ඔයාගේ අදහසත් කියලම යන්න...

Connect with
avatar
This comment form is under antispam protection
Connect with
avatar
This comment form is under antispam protection
newest oldest
නාඩියා නාඩිරත්න
Guest
නාඩියා නාඩිරත්න

අන්න කොල්ලෝ. ඇත්ත කතාවක්

Reply
2014-03-09 6:40 AM
Chams
Guest
Chams

අප්පේ….යාලුවා තනිකරම technical terms වලින්මනෙ ලෙක්චර් එක දීලා තියෙන්නෙ. :-B කාලෙකින් පෝස්ට් එකක් දැක්කෙ යසිත්ගෙ…බ්ලොග් එකත් සෑහෙන්න වෙනස් වෙලා වගේ..

Reply
2014-03-09 7:08 AM
නිහඬ සිතිවිලි (Indrachapa)
Guest
නිහඬ සිතිවිලි (Indrachapa)

හෆ්ෆා … සිරා යාලුවෙන් අඃ 😀 කොල්ල දවසක ලොකු තැනකට එනවා 😉 :-c

Reply
2014-03-09 7:50 AM
Chandana
Guest
Chandana

කතාව ඇත්ත. =D7 යාළුවට මං කෙහෙල් ගෙඩි ටිකක් එවන්නම් ඊගාව කැන කැපුවාම ඒ කිව්ව කතා ටිකට 🙂

Reply
2014-03-09 8:03 AM
S. L. මැලේ රාළ
Guest
S. L. මැලේ රාළ

හාෆෝ මේ ලෝක කාන්තා දිනේ සමරන වෙලාවේ මුන් කියන එව්වා

Reply
2014-03-09 9:09 AM
කෝරලේ මහත්තයා
Guest
කෝරලේ මහත්තයා

සහතික ඇත්ත කතාව බං යසියෝ ඊට හපන් ඌ දීපු උදාහරණ ටික පට්ටෙට වදිනවා පැහැදිලි සිංහලෙන් තේරෙනවා.

Reply
2014-03-09 10:17 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අන්න නාඩියට තේරුනා 😉

Reply
2014-03-09 11:13 AM
Yasith Gamage
Guest
Yasith Gamage

blog එකේ නම් ලොකු වෙනසක් කරේ නැහැ.. ලියන්න නම් බැරි උනා කාලෙකින්. ඉස්සරහට බලමුකෝ 🙂

Reply
2014-03-09 11:31 AM
Yasith Gamage
Guest
Yasith Gamage

දැනුත් ලොකු තැනක තමයි ඉන්නේ… වැඩිපුරම ගාල්ල ස්ටෑන්ඩ් එකේ.. එකත් ලොකුයිනේ 😀

Reply
2014-03-09 11:38 AM
sAm (සෑම්)
Guest
sAm (සෑම්)

යාලුවා රිප්ලයි එක තාක්ෂනෙන්ම දීල තියෙන්නේ !!

Reply
2014-03-09 12:24 PM
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)
Guest
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)

මෑන්ට නම් හැබෑවටම පැහැදිලිවල දිදුලන අනාගත‍යක් තියෙනවා. 😉

Reply
2014-03-09 2:30 PM
Unknown
Guest
Unknown

elz… patta kathawa 😛

Reply
2014-03-09 3:35 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඌ තාම කෙහෙල් එකතු කරනවා 😛

Reply
2014-03-09 4:24 PM
Dinesh
Guest
Dinesh

අපිට ඕවා කියලා දෙන්න හොද යාළුවෝ ඉදියේ නෑනේ ඉතින්..

Reply
2014-03-09 10:02 PM
Yasith Gamage
Guest
Yasith Gamage

කාන්තා දිනේ ඉවරයි.. දැන් ඉතුරු දවස් 364 ම ලෝක පුරුෂ දින නිසා බයක් නෑ 😀

Reply
2014-03-10 12:26 AM
Yasith Gamage
Guest
Yasith Gamage

හික්ස්… කෝරලේ මහත්තයට නම් දැන් එහෙම බාරියාවක් ලබිලානේ තියෙන්නේ 😉

Reply
2014-03-10 12:31 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව්.. ඌ ට හරියන්නේ තාක්ෂණික කෙල්ලක්ම තමයි 😉

Reply
2014-03-10 12:35 AM
කෝරලේ මහත්තයා
Guest
කෝරලේ මහත්තයා

භාරියාවක් විතරක් නෙවෙයි යසී ලබන මාසේ නැත්නම් ඊළඟ මාසේ බබෙකුත් ලැබිලා කෝරළේ නාකියෙක් වෙලා 🙁

Reply
2014-03-10 5:02 AM
Aruni Kalupahana
Guest
Aruni Kalupahana

:-bd තාක්ෂණික භාෂාවෙන් කිව්වා කොටස තමා තේරෙන්නේ නැත්තේ.. @-)

Reply
2014-03-10 5:18 AM
Unknown
Guest
Unknown

හා… කාලෙකින්. මට පේන්නේ අර මොකද්ද එක දැකලා දෙන්නගේ මොළේ කොලොප්පන් වෙලා වගේ.

Reply
2014-03-10 5:43 AM
Dude
Guest
Dude

>>කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන්… Read more »

Reply
2014-03-10 7:42 AM
වැව් ඉස්මත්ත
Guest
වැව් ඉස්මත්ත

ඔහොම කියන්ඩ එපා බං උන් යටි තොල හපාගෙන මැරේවි

Reply
2014-03-10 11:00 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අප්පට සිරි.. කොරලයා අප්පොච්චියෙක් වෙලා එහෙනම්.. හැපී බර්ත්ඩේ කිව්වා එහෙනම් 😀

Reply
2014-03-10 1:52 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව් ඔව් දිදුලයි දිදුලයි.. ඌ තනිකඩව හිටියොත්.. 😉

Reply
2014-03-10 1:54 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අන්න ගන්නවා නම් ජීවිතේට ආදර්ශ 😉

Reply
2014-03-10 1:56 PM
Yasith Gamage
Guest
Yasith Gamage

එත් ඔය හොයාගෙන තියෙන්නේ ජාඩියට ඇබයක් වගේ කෙනෙක්.. :-bd

Reply
2014-03-10 2:02 PM
Yasith Gamage
Guest
Yasith Gamage

එක ගැන හිතන්නෙපා.. සරල සුංගම , අහිංසක කෙල්ලෙක් ගැන කිව්වා කියල හිතා ගන්නකො 😀

Reply
2014-03-10 2:13 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මොකක්ද එක කිව්වේ මොකක්ද ? @-) තරුට කොලොප්පන් වෙලාද 😛

Reply
2014-03-10 2:18 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අපේ රැග් කිරිලි නෑ නොවැ 🙁 එකනේ මේ ඔක්කොම

Reply
2014-03-10 2:23 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මේවා බලල අපි දිව විකාගෙන මැරේවි 😛

Reply
2014-03-10 2:24 PM
Unknown
Guest
Unknown

මෑන් ට හරියට කෙල්ලෝ මිහිපිට නෑ …

coding කරනවානම් මටත් clone එකක් දෙන්න කියහන් අයියා -_-

Reply
2014-03-10 2:24 PM
Yasith Gamage
Guest
Yasith Gamage

Nulled script එකක් දෙන්නද කැමති විදියට edit කරගන්න 😉

Reply
2014-03-10 2:29 PM
Unknown
Guest
Unknown

Nulled script ඔය හැමතැනම තියෙන්නේ 🙁 එව්වා හරියන නෑ බන් අයියේ. කොච්චර Edit කරත් Nulled එකක්නේ :v කොහේ host කරන්නද … තිබ්බත් මාසයයි දෙකයි DMCA… Read more »

Reply
2014-03-10 3:03 PM
Unknown
Guest
Unknown

@Henry පුරුක ඇද උනත් වලිගෙ කෙලින් වෙන් නෑනේ 😀 හැඳි මිටේ ගති කොහොමත් අරින්න බෑ 😉

Reply
2014-03-10 3:04 PM
Miyuru
Guest
Miyuru

මදැයි කොලා… දැන් කතාව තේරුම් ගන්න ඔක්කොටම ඉස්සෙල්ලා technical terms ටික තේරුම් ගන්න එපායැ…

Reply
2014-03-11 3:42 PM
සයුරි
Guest
සයුරි

meka ara midi thiththai kathawak neme neda? 😀

Reply
2014-03-11 6:35 PM
Yasith Gamage
Guest
Yasith Gamage

එකනේ, එච්චර හිතන්නෙපා එහෙනම් 😛

Reply
2014-03-12 12:44 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අපෝ ඔහොම මිදී නම් නිකන් දුන්නත් එපෝ X( X( X(

Reply
2014-03-12 12:45 AM
ඉෂාන්
Guest
ඉෂාන්

යාළුවා ඇත්ත කියලා තියෙන්නේ. ඕක තමා යථාර්තේ පුතේ! 😉

Reply
2014-03-12 8:06 AM
Niraj Jayasinghe
Guest
Niraj Jayasinghe

අඩෝ කවුද බොල… මන් නොදන්න් ඔය ඩයල් එක… 😮

Reply
2014-03-28 3:37 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අලුත් නැවෙන් ආවේ බන්.. දන්නේ නෑ උබ 🙂

Reply
2014-03-28 4:16 PM
Yasith Gamage
Guest
Yasith Gamage

එහෙම එකක් හරි ගියාද 😉

Reply
2014-03-28 4:18 PM
Anonymous
Guest
Anonymous

සම්පූර්න ඇත්ත. අවුල කියන්නෙ කෙල්ලො මේක තේරුම් ගන්නෑනෙ. . සචී.

Reply
2014-04-26 4:54 PM
Anonymous
Guest
Anonymous

සම්පූර්න ඇත්ත. අවුල කියන්නෙ කෙල්ලො මේක තේරුම් ගන්නෑනෙ. සචී.

Reply
2014-04-26 4:57 PM
තනි තරුව
Guest
තනි තරුව

හැබෑ කතාව යසිත් 🙂 ඔය දීලා තියෙන්නේ ටෙකෝ සීන් එකෙන්ම උදාහරණ.:D

Reply
2014-05-24 6:07 AM

© 2021 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.

wpDiscuz