සෑහෙන කාලෙකින් බ්ලොග් ජීවිතේට එන්න බැරි උනා… ඒ ඇත්ත ජිවිතේ එක්ක හිරවෙලා හිටපු නිසා.. ඔය දෙක අතර වැඩි වෙනසක් නැති උනත් ඇත්ත ජිවිතේ කවදාවත් Undo සහ Redo button දෙක නෑ.. තිබුන නම් මේ ලෝකේ මිට වඩා ගොඩක් වෙනස් වෙයි …
පහුගිය මාස 3 ට ගොඩක් ලොකු වෙනස්කම් නොවුනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. සමාජයේ රඳා පවතින්න නම් වැල යන අතට මැස්ස ගැසීම , ඕනවට වඩා අවංක නොවීම, ඕනවට වඩා සාධාරණ නොවීම වගේ විකාර දේවල්..
කොටින්ම “ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත” කියන සංකල්පය.
පුංචි වැඩ කිහිපයක් පටන් ගත්තා.. ජොබ් කරන්න තව කල් තිබුනත් (මම ජොබ් කරන්න කැමති නැතෝ) අර මොකක්ද එක ඊට වඩා ලොකු නිසා දැන් ඉදන්ම මොකක් හරි කරන්න ඕනෑකම තියෙනවා. එත් එදා මෙදා තුර කරපු දේවල් වලින් පාඩුවක් මිස ලාභයක් නම් උනේ නෑ..
බොරලුගොඩ, රජා, කළු සුදු ,දෙසකයා , සිතුවිලි සිතු කට්ටිය නම් හැමදාම වගේ මුණු පොතෙන් හම්බ වෙනවා.. කොහොම උනත් මේ පොස්ටුව ලිව්වේ මම තාම පන පිටින් ඉන්නවා කියල කියන්න විතරයි.
පුළුවන් වෙලාවට බ්ලොග් කියවන්නත් එනවා කලාතුරකින් හරි මමත් මොනවා හරි කුරුටු ගාන්නම්.
දැනට ගිහින් එන්නම් ..
ප.ලි: කීප දෙනෙක් මඩක් ගහල තිබුනා මිට කලින් පොස්ටුවේ තිබුන විදියේ ගෑල්ලමයෙක් නොලැබීම නිසා මම අතුරුදහන් වෙලා කියලා.. ගර්ර්ර්ර්ර්
ගෑල්ලමයි කොහොම උනත් මම හිත හිටපු විදියේ ස්ලිම් ලස්සන අලුත්ම ලැපියෙක් නම් නම් කැන්දන් එන්න හම්බ උනා .. මේ එයා එක්ක ලියන පලවෙනි පොස්ටුව .
සුභ නිදහස් උත්සවයක් වේවා !
මුදල් නොගෙවා ප්‍රචාරය කරනු ලබන දැන්වීම්
1)
2)
හොඳා හොඳා. පුළුවන් වෙලාවට මොනව හරි ලියමු.. 🙂
ඔයාගේ ලැපීට අපිත් සුබ පතනවා…..
ඕනේම දෙයක් ඔනෑවට වඩා ඕනෑම නැත නම් තමා.
කොහොම උනත් අලුත් ලැප් කෙලීට සුභ මංගලම් කිවුවා ඕන්. වැඩි වැඩියෙන් පෝස්ට් දරුවන් බිහි කිරීමට හැකි වේවා!!
මේ මොකද්ද මලේ මේ දැන්වීම??? ගොඩක් කාලෙකින් නාවට අර ඔයා හඳුන්වා දීපු data saver එකෙන් නම් මම මරව මරව වැඩ ගන්නවා….))) ස්තුති වේවා!
ආපහු ලියන්න ගත්ත ඒක නම් හොදා…
ඇත්ත ජිවිතේ Undo සහ Redo button දෙක තිබුන නම් … එහෙම නැත්නම් previously saved version එකක් ලෝඩ් කරන්න, roll back කරන්න, restore point එකකට යන්න… Read more »
මෝඩයෙක්ට මතක් වෙලා තමුන්ට බ්ලොග් එකක් තිවුණා කියලා..))
අනිවා.. මඩක් හරි ගහන්නම් 😀
4th Generation.. මට හම්බවෙනකොටත් කුළුදුල් 😉
අපි දෙන්න සෙට් වෙලා පුංචි බ්ලොගේ රත්තරන් කියලා මාසෙකට පාරක්වත් පැටියෙක් දාන්න ඉන්නේ 😉
දැන්වීම මගේ බිස්නොස් වැඩ තමා 😀
ආහ්.. මමත් තාම ඒකෙන් එන්නේ.. ඩේට ඉතුරුයි
ආපහු ආව එකත් හොඳා 🙂
මට මීට කලින් එකෙක් හිටියෙ නෑ.. මේකි තමා මුල්ම එක..
ඩූඩ්ට නම් කලින් එකක් හිටියනේ.. කෝ ඒකි 😉
මෝඩියෙක්ට මතක් වෙලා කොමෙන්ට් එකක් දාල යන්න 😛
ඒකෙ මදර් බෝඩ් එක ගියා. ඇත්තෙන්ම හදන්න හරි හමන් එකෙක් හම්බවුනේ නෑ යසිත්. ඒක කූල් කරලා ගත්තාම ස්ටාට් වෙනවා. තර්මල් සෙටිං එකක් වෙනස් වෙලා තියෙන්නේ.… Read more »
අනේ අම්මේ යසියෝ දැක්ක කල් මොනවා උනත් කුරුටු ගානවානම් තමයි හොඳ
යසියා තාම ඉලන්දාරිනියක් හොයනවා ඇති කියල තමා මාත් හිතුවේ.. අම්මේ අළුත් ලැපිකෙල්ලෙක් ඉන්නවා කියන්නේ හැමදාම සෙක්ස් කරන්න හිතෙනවා නේද බොල…
අහම්බෙන් හරි මෙහෙමවත් ආ එක ලොකු දෙයක්.. අර දීල තියෙන ලිංක් වැඩ කරන්නෙ නැහැනේ
අද තමයි මෙහෙට ගොඩ වුනේ හොඳයි හොඳයි කියවන්න දේ බොහොම තියෙනවා
ලැපීය වගේම, ස්වීට් කෙල්ලෙකුත් ලැබෙන්න කියල සුබ පතනවා 🙂
මාත් බැලුවෙ මොකෝ නැත්තෙ කියල. ලැප් එකක් ගත්ත නම් හරි සතුටු ඇති නේ?
දැන් ලියන්න අදහස් එන්නෙත් නෑ අෆ්ෆා… තව ගොඩක් බ්ලොග් ලියපු අය හොයාගන්නවත් නෑ.. සිංහල බ්ලොග් වලටත් හෙනහුරා ලබලද කොහෙද 🙁
@-) @-) ඊක්කා .. කියන නරක කතා…
(කරන්න කොහොම වෙතත් බලන්න නම් පුළුවන් 😉 )
ලැපියක් ? 😛 මට හම්බුන අලුත්ම ලැප් එකට මොකක්ද කියනනෙ එතකොට ? (ලැප්පෙක් …. 😀 )
😛