හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි.
කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්,
“නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ..”
එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්තෙන් මං ඒක දන්නෙ නෑ. මගේ දැක්මට අනුව කියන්නම්…
වර්තමානයේ නම් තරුණ වයසෙ කෙනෙක් තමන්ගෙ පෙම්වතා/ පෙම්වතිය තෝරගන්නෙ කාරණා 3ක් නිසා,
- අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා
- කායික / මානසික ආශාවන් සන්තර්පණයට
- අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා
මං දන්න කියන මාතර ගෙස්ට් හවුස් එකක් කරන කොල්ලෙක් ඉන්නවා. කාමර 6යි. මාසික ආදායම කීයක් කියලද හිතන්නේ ?
රුපියල් එක්ලක්ෂ හැටදාහ පනිනිවා. ඒකෙන් ගෙදර කුළිය විදියට හතලිස්දාහක් ගෙවනවා. ඉතිරිය ශුද්ධ ලාභය.. වැඩිපුරම එන්නෙ ඉස්කෝලෙ වයසෙ කොල්ලො කෙල්ලොලු. සමහර වෙලාවට එකම කොල්ල දවස් දෙකකදි කෙල්ලො දෙන්නෙක් එක්ක එන අවස්ථායි, එකම කෙල්ල කොල්ලො දෙතුන්දෙනා එක්ක එන අවස්ථායි ඕන තරම්ලු.
3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා
දෙතුන්පාරක් දත් මැදල, රැවුල කපලා, තියෙන හොඳම ඇඳුම් ඇඳලා, ඩෙක්/ කැන්වස් සපත්තු දාලා……………….. ඒත් අවුරුද්දක් දෙකකට පස්සෙත් ඇත්තටම එහෙමද? රබර් කටු දෙකක් දාගෙන දවස් ගානකින් හෝදපු නැති ඩෙනිම් ගහගෙන යනවා නේද ?
ඇත්තටම එහෙම විය යුතුමයි.. අනිවාර්යයෙන්ම. නැත්නම් ආදරය කරන කාලය පුරාවට ඇයට දකින්න ලැබෙන්නෙ ඔයාගෙ හොඳම ඇඳුම් පැළදුම්/ ආභරණ විතරයි.. එහෙම ඉඳල යම් දවසක විවාහ උනොත් Honeymoon එක දවසට පස්සෙ දවසෙ උදේම එපා වෙයි.. මෙච්චර කල් දිව්‍ය ආභරණ වලින් සැරසිල එක පාරටම කුණු කෙල, කබ, හොටු, දාඩිය පෙරාගත්ත මළ පෙරේතයෙක් දැක්කම
ඔබේ දේවල් ඇයට අප්‍රිය නම් ඒකත් හරියන්නෙ නෑ..කවද හරි ඔබට යම් අනතුරක් උනොත් (ජීවිතය ගැන විස්වාස කරන්න බෑනෙ) ඔබ එකතැන් උනොත්, අතක් පයක් කැඩිල නැඟිටගන්න බැරි උනොත් කැවීම් පෙවීම් වල ඉඳල මල, මුත්‍ර ඉවත් කරන්නත් වෙන්නෙ ඇයටයි. “ඈක්කා.. මේ මොන කරුමයක්ද කියල” දමල ගහල නොයන ආදරයක් ඇයට තියෙන්න ඕන…
අනිත් වැදගත්ම කාරණය විශ්වාසය..
ආදරයක් පවතින්න නම් මේක අනිවාර්යයයි. නමුත් කාලයත් එක්ක මේක පවත්වා ගන්නත් අමාරුයි. ඒත් ඔබ මුලින් අවංක වෙන්න, ඊට පස්සෙ ඇගේ අවංකකම ගැන පරීක්ෂාකාරී වෙන්න.. විස්වාශය එක පාරක් බිඳුනොත් කවුරු කොහොම කිව්වත් ඒක නැවත තිබුණූ තත්වෙට ගන්න බෑ බෑමයි..
අනිත් කාරණය තමයි ඔබ දෙදෙනා ජීවිත දෙකක්. “අපි දෙන්න දැන් දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් ” කියන බයිලා සම්ප්‍රදාය ඇත්තක් නෙවෙයි කියල ප්‍රායෝගිකව ආදරේ කරන අය දන්නවා. දෙන්නට තියෙන්නෙ වෙනස් සිතුම් පැතුම්/ ආශාවල්.. නමුත් ඒක සුළු වශයෙන් හෝ ගැලපෙන්න ඕන, එහෙමත් නැත්නම් එක්කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් අනිකාගෙ අදහස් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. ඔතනදි දෙන්නම එකිනෙකාට සෙකන්ඩ් වෙන්න අකමැති නම් වැඩේ අවුල්. පවුල් අවුල් වෙන්නෙ ඔන්න ඔතනදි..
මතක තියා ගන්න “ඕන රෙද්දකට සනී සබන් ” කියලවත්, “නාඩි වැටෙනව නම් පාන් කෑල්ලත් මොකෝ ” කියලවත් පෙම්වතිය තෝරගන්න එපා. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගන්න. මුලින්ම ඇය ගැන සියළු විස්තර හොයන්න. සීයා, ආච්චිගෙ කාලෙ ඉඳන්ම.. ඔබ ඕව හෙව්වෙ නැතත් ඔබේ දෙමව්පියො හොයනවා. ඒව මොකටද කෙල්ල හොඳ නම් කියල ඔබ කියාවි. ඒත් කවදාවත් දෙමව්පියොන්ගෙ හිත් රිදවල තීරණ ගන්නෙපා. ඒකට කවදා හෝ විඳවන්න වෙනවා වෙනවාමයි..
දැන් කෙනෙක් කියාවි අපේ පැත්තෙ ජෝඩුවක් ගෙදරින් අකමැති වෙලා බැන්ඳා. දැන් ඔය යස අගේට ඉන්නෙ කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් බලන්න කවද හරි ඕක අනිත් පැත්ත ගැහෙනවා. එහෙමත් නැත්නම් උන්ගෙ දරුවොත් කවද හරි හිතුවක්කාරෙට විවාහ වේවි. අන්න එදාට උන් දෙන්නට තමන්ගෙ දෙමව්පියොන්ට දැනුණු දුක ඒ විදියටම දැනේවි.. හැබැයි මං කොයිම වෙලාවකවත් කියන්නෙත් නෑ ලෝකෙ හැම දෙමව්පියෙක්ම, හැම වෙලාවකම ගන්න තීරණත් නිවැරදියි කියලා…
අන්තිමට කොළඹ විශ්ව විද්‍යාලයේ (පුවත්පත් වලට තීරු ලිපි ලියන) මහාචාර්යය වරයෙක් මට Facebook එකෙන් කියපු කතාවක් කියන්නම්. එතුමාගෙ නම දාන්න බැරි බොහොම ප්‍රසිද්ධ කෙනෙක් නිසාත් පහත වාක්‍යයේ භාෂා හැසිරවීම නිසාත්. (නමුත් හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා)
“පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා.”
බොහොම වටිනා ලිපියක්. අර අනික් අය හන්දා ආදරේ කරන කාලයක් තියෙනවා කියන එක ඇත්ත. අත් දැකීමෙන් කියන්නේ. 🙂 මම නම් අහලා තියෙන්නේ මෙහෙමයි. තමන් වඩාත්… Read more »
මේක කියවලා ලියන්න පඬිටෝක් ගණනාවක් මතක් වුනත්, දෙපාරක් හිතලා තීරණය කරා යසිත්ට ගැලපෙන සහකාරියක් ලැබේවා කියලා පතන්න විතරක්.
ඔන්න ඉතින් මමත් සුබ පැතුවා!
😛
අපරාදේ මම නම් පඬි ටෝක් එකක් දුන්නද කොහෙද? 🙁
//දැන් ඔබ කියාවි, ඇයි කෙල්ලන්ගෙ පැත්තෙන් විතරක්, කොල්ලොත් එහෙමනෙ කියල.. ඔව්.. ඒත් මතක තියා ගන්න කවද හරි විවාහ වෙන දවසට නෑදෑයො හොයන්නෙ කෙල්ලගෙ පැත්ත විතරයි.… Read more »
මාරු මාරු …. :-q
අය්යෝ මාරු නෙමේ මරු මරු :-bd
ගොඩක් අයට වරදින තැනක් ජීවිතේ ඔය තීරනය. මටත් එහෙමයි. අර අන්තිමට කියල තියෙන ටික නිවැරදියි. ජීවිතය ලං කරගන්න ඔන තමන්ගේ ජීවිතේ ඇතුලේ වෙන ජීවිතයක් නොපතන… Read more »
"කවද හරි ඔබට යම් අනතුරක් උනොත් (ජීවිතය ගැන විස්වාස කරන්න බෑනෙ) ඔබ එකතැන් උනොත්, අතක් පයක් කැඩිල නැඟිටගන්න බැරි උනොත් කැවීම් පෙවීම් වල ඉඳල මල,… Read more »
හොද දැක්මක් ඇති කෙනෙකි ඔයා… මයේ දෙයියෝ. බොට ඉතිං අවුලක් නොවේවා කියල පතනවා. මගේ පුරස්නෙට උත්තර ලැබුනා අද.. “ඇයි යසිත්ගේ ඒවා මගේ රෝලේ අප්ඩේට් නොවෙන්නේ???“… Read more »
නෑ පොඩ්ඩි. ඔයා දීලා තියෙන පඬිටෝක් එකේ වැරැද්දක් නෑ. ඒක හරි.
ලව් කරනවානම් බොක්කෙන්ම කරන්න ඕනි නැත්තම් නිකන් ඉන්න ඕනි. හැබැයි.. කෙල්ල දාලා ගිය දවසට මැරෙන්න දඟලන්නේ නැතුව. ("ලව් කරන තාක් කල්" කියලා මෙව්වා එකක් හිතට… Read more »
පට්ටම පට්ට ලිපියක් මචං….මම අද උදේ ස්ටේටස් එකක් දැම්මා ආදරේ ගැන. මං ඒකත් මෙතන දාන්නම්…."~ ආදරයට වහල් නොවන්න ~අපි ආදරය කරන්න පටන්ගන්නකොට(මේ කියන්නේ පෙම්වතුන්ගේ ආදරය… Read more »
ඔව් ඉතින්… ඕනම දෙයක 1st impression එකනෙ වැදගත්.. නාන්නෙ නැතුව මල පෙරේතය වගේ ගියොත් ලව් ව්කක් තියා යන පාරකවත් කෙල්ලෙක් ඉන්නෙ නෑ 😀 ඉතින් කොහොමත්… Read more »
ලැබුනොත් හොඳයි… නැතොත් වැඩිය හොඳයි… 😛
හා…… හා… දැන් මොකටද සුභ පතන්නේ… හනී බනී ගියපු එකටද ? :-w
අනිවා… අනුන් හදන්න කලින් තමන් නිවැරදි වෙලා හිටියොත් කිසි ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ නෑ :-B
අර අන්තිම කතාව නම් මල් හතයි බං! එකනේ අපි තවමත් single life සුවය විඳින්නේ…
උඹ සෑහෙන දුර හිතලා බලන කොල්ලෙක්.. ඒ ගැන සතුටුයි..
අර අන්තිම කතාවටනම් කියන්න දෙයක් නෑ.. අමූලික ඇත්ත.. හොද එකියක් හොයගනින්.. පස්සේ එවුවා හැදිලා ඒවි..
මරු මරු කියලා හෙමිහිට මාරු වෙන්න නේද හැදුවේ 😛
ජීවිතේ වරදින්නෙ නැති මිනිස්සු නෑනේ… එහෙම උන් ඉන්නව නම් මේලෝ වැඩක් නොකර නිකං බලං ඉන්න එකෙක් 🙁 වැරදුනාම තමයි හරි ට්‍රැක් එකට වැටෙන්නේ..
ස්තූතියි !
ඒ කතන්දරේ තනිකර තියෙන්නෙ ඒ දෙන්න මත. දරුව ඉපදුණු දවසෙ ඉඳන් තේරෙන වයස වෙනකම් ඕවයි ආදීනව කියල දුන්න නම් වැඩේ හරි..මට මතක ඇති කාලෙ ඉඳන්… Read more »
දේසකයා නම් ඉතින් මේක කියවන්න පරක්කු වැඩිනේ… 😛 දරු මුණුපුරන්ටවත් කියල දෙන්න ඉතින් 😀
අන්න රත්තරං කතාව…
"කෙල්ල ඉන්න කල් බොක්කෙන් අවංකව ලව් කරපල්ලා"
ගියාට පස්සෙ නාහෙන් අඬල මොකටද නේ….. 7:P
100% ක් ඇත්ත.. ආදරේදි හදවතට වඩා බුද්ධියටයි ඉඩ දෙන්න ඕන m/
මං සිංගල්… මං සිංගල් කිය කිය ගෑල්ලමයි රවට්ටන එකත් මහ පව්කාර වැඩක් බං 😛
maru machn………….
එව්වා නම් හදල ගන්න එක කොල්ලගෙ වැඩක් 😀
හොද ලිපියක්..
තමන් ආදරේ කරන කෙනෙක්ට වඩා තමන්ට ආදරේ කරන කෙනෙක් තෝරාගෙන ආදරේ කරන්න ඕන.
ජය වේවා.
:)))
මචන් මේක අපිට නෙමේ…. පුළුවන්නම් කෙල්ලෝ ඉන්න ගෘප් වලට විතරක් දාපන්.. ඕකුන්ට කියවලවත් හැදෙන්න!! :3
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උබ කියපු දේවල් සහතික ඇත්ත…. මම කියන්නෙ කාළකන්නි පිරිමි පිරිසක් ඉන්නව…උන් කරන්නෙ ඌට උගේ වරදක් නිසා ලවු එක බ්‍රේක් උනාම…. තව කෙල්ලො දාගෙන උන් විනාස… Read more »
සහතික ඇත්ත.ඇත්ත ජීවිතේ කියන්නේ HD qaulity එකෙන් පුළුල් තිරයේ දකින චිත්‍රපටියක් නෙවේනේ.අනික දෙමව්පියන්ගේ හිත් රිදවීමෙන් ඇතිකරගන්නා සම්බන්ධතාවලට නම් ඇත්තටම වැඩි ආයුෂක් නෑ කියලා මට නම්… Read more »
අර අන්තිම වැකිය නම් මරු.
ආදරේ කරන්න ඕන, අනික් අයට ඕන නිසා නම් නෙවි. තමන්ටම දැනෙන නිසා…
Thanks 🙂
ආදර්ශමත් ලිපියකින් කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නේ. මේකේ සාකච්ඡා කෙරෙන කරුණු තුනෙන් තුන්වෙනි කරුණයි වැදගත්. කොල්ලෙක් හෝ කෙල්ලෙක් තම හදවතට අවංක ආදරයක උණුසුම සොයනවනම් පතනවනම් ලබාදෙන්නට… Read more »
හ්ම්ම්.. කියලා තියන දේවල් නම් ඇත්ත. ඒත් තේරුම් ගන්නේ කවුද ඉතින්??
ane manda.owwa gena monawath kiyanna api tama podi wedi.eeth yana ayata yanna arinna kiyala kathawak tiyenawane.. kohoma hari hadawatha lassana honda geellamayek muna gehenta kiyala… Read more »
නැද්ද එහෙම කෙනෙක් හොයා ගන්න ? 😡
ආ… කෙල්ලො විතරක් ඉන්න ගෲප් තියෙනවද ? 😀 මාවත් ඇඩ් කරපන්කො බලන්න.
ඔය මොලේ ඒ කාලෙ මට තිබුනෙ නෑනෙ. හරි බුද්දිමත් කොල්ලෙක් නෙ අප්ප මෙයා.
Dot..සැහෙන්න දවසකින් බ්ලොග් පැත්තේ ආවම ඉස්සෙල්ලම ඇහැට ගැටුනේ මේ බ්ලොග් එක..ඔය කියන බහුතරයකට මමත් එකඟයි..එකඟ නැති ඒවා..ලියන්න ඕන නැහැ..මොකද අපි එක එක්කෙනාගේ පුද්ගලික මතවාදත් තියනව… Read more »
Dude…ඒ වුනාට මොනා හරි ලියන්න…
එහෙම කාලකන්නි කෙල්ලොත් ඉන්නව බං 🙁 කොල්ලො බයිට් කරන..
අන්න ඔහොම හෙව්වම කාගෙන්වත් බර බරේ නෑනේ.. පස්සෙ වලි වැටෙන්නෙත් නෑ
ජීවිතේ කියන්නේ අපි රඟපාන චිත්‍රපටියක්නේ.. හැබැයි කිසිම සීන් එකක් වැරදුනා කියලා අපහු ගන්න බෑ 🙁
තමනුත් ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන විදියට කරන්න ඕන 🙂
ඔව්… ඇත්ත… ඒත් කොල්ලගෙ හා කෙල්ලගෙ සමාජ මට්ටම් යම් තරමක් හෝ ගැලපෙන්න ඕන. නැත්නම් පසුවට ප්‍රශ්ණ එනවා
තියෙන්නෙ ඇත්ත නම් ඇයි තේරුම් ගන්න බැරි ??
හැමදාම පොඩියි පොඩියි කියල හරියන්නෙ නෑ හරිද නංඟා ?
දැන් ඉතින් කාගෙ හරි බෙල්ලෙ එල්ලෙන්න කාලෙ ඇවිල්ලා 😀