• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

ආදරණීය තෙපුල් සර්……….. !

2013-09-05 දින රචනා කරන ලදී.

මං මුලින්ම NIBM එකට ගියපු දවසෙ තමයි ඔහුව මුලින්ම දැක්කෙ.. ඒ කවුද, කින්ද මන්ද කියලවත් මං දන්නෙ නෑ.. ඈත ඉඳන් අඩි බරට තිය තියා ආපු ඔහු දිහා කටත් ඇරන් මං බලන් හිටියෙ යෝධයෙක් දිහා බලන් ඉන්නව වගේ…
“ඒ තෙපුල් සර්… මේකේ ලොක්කා “
එහෙම කිව්වෙ Institute එකේදි මුලින්ම මාත් එක්ක කතා කරපු බලෙන්ම අදුරගනිපු කොල්ලා, ඇඩ්ඩිං.

ඇත්තටම තෙපුල් සර් කියන්නෙ යෝධයෙක්. මට විතරක් නෙවෙයි Institute එකේ හැමෝටම ඔහු යෝධයෙක්. ඒත් සාම්ප්‍රදායික ආයතන ප්‍රධානියෙක්ගෙ තියෙන දරුණු ගති, සැරපරුෂ කම් අතින් ඔහු ලිලිපුට්ටෙක්. ඔහු කිසිම වෙලාවක තමන් යටතේ සේවය කරන කිසිම කෙනෙක්ට යන්තමින් හෝ දොස් පවරනව මේ අවුරුද්දක පමණ කාලය තුල මං දැකල නෑ. අඩුම තරමින් ශිෂ්‍යයෙක් උන මට හෝ වෙනත් කිසිම ශිෂ්‍යයෙකුට තෙපුල් සර් ඇස් රතු කරන් යක්ෂයා අරක් අරන් ඉන්න වෙලාවක් දකින්න ලැබිලම නැහැ. වැඩිපුරම ඔහුගෙන් බැනුම් අහල තියෙන්නෙත් අපේ batch එක වෙන්න ඇති. නමුත් අවාසනාවට සර්ට හරියට බනින්න තේරෙන්නෙ නෑ. බැන්නත් බොහොම සුහඳ විදියට හිනා වෙවී, ඉතිං ඒකට “බැනීමක්” කියල අර්ථකථනය කරන්නෙත් තෙපුල් සර්ම තමයි. අපිට නම් ඒක බොහොම සුහදශීලීව දෙන අවවාදයක්.

මං දන්න විදියට සහ පැරණි ශිෂ්‍යයො කියන විදියට මේ ආයතනය මේ තත්වෙට පත් කරේ තෙපුල් සර් තමයි. තමන්ගෙ දහඩිය මහන්සියෙන් රැකියාවක් කියල නොහිතා, යුතුකමක් කියල සළකාගෙන ආයතනය ගොඩ නඟන අතරෙම සර් හොඳට හම්බ කර ගත්තා, හැබැයි සල්ලි නෙවෙයි මනුස්සකම සහ මිනිස්සු…..

ඕනම අධ්‍යාපන ආයතනක ආදී කාලයේ පැවත එන සිරිතක් විදියට සිසුන් විසින් තමන්ගෙ ආදරණීය ගුරුවරුන්ට නම් තැබීමේ උත්සව එහෙමත් නැත්නම් බෞතිස්ම කිරීමේ උත්සව පවත්වනවනෙ. මං ඉස්කෝලෙ යන කාලෙ 4,5 වසරවල ඉඳන්ම ඉඳන්ම මේ වෙනකම්, මෙයින් තව ඉදිරියටත් ඕක තියෙනවා. මගේ මතකයේ විදියට ඉස්කෝලෙ කාලෙ හිටපු ගුරුවරු මතකයේ තියෙන්නෙ ඇත්ත නමින් නෙවෙයි, අපි ඔවුන්ට හැම තිස්සෙම (නැති තැන) ආමන්ත්‍රණය කරපු නමින්.. සූදුරුක්කු සර්, කුමාරිහාමි ටීචර්, ගොඩ්සිලා, කොස් ඇටයා සර්, තට්ට බන්දු සර් මගේ මතකයේ තාමත් ඉන්න කීප දෙනෙක්..
මොකක් උනත් ඔය නීතිය තාමත් තියෙනවා. ඒත් කවදාවත් තෙපුල් සර්ට කිසිම ළමයෙක් අන්වර්ථ නාමයක් හදල නෑ, හදන්න උත්සාහ කරෙත් නෑ.. ඒකට මූලිකවම හේතු වෙන්න ඇත්තෙ සර්ගෙ අසාමාන්‍ය පෞර්ශයය. ඒකෙන් සර්ට ඕනම පුද්ගලයෙක් එක්ක ක්ෂණිකව මිතුරු වෙන්න පුළුවන්කම තිබුනා. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට උගන්නන අනිත් ගුරුවරුන්ට අපි නම් හැදුවෙ නෑ  කියලා.. ඒක අදාල නොවුනෙ තෙපුල් සර්ට සහ අපේ අනිත් කථිකාචාර්ය වරියට විතරයි.

සර් හැමතිස්සෙම හිටියෙ ළමයි එක්ක, ප්‍රශ්ණයක් උනොත් ගත්තෙ ළමයින්ගෙ පැත්ත. ඒ නිසාම ළමයිනුත් සර් එක්ක හිටියා ඕන දේකට. සර්ගෙ එක command එකකින් class එකේ විතරක් නෙවෙයි සම්පූර්ණ package එකේම function call කිරීමේ හැකියාව තිබුණා.. සර් ශිෂ්‍යයො වුන අපි නිසා මාර විදියට දුක් වින්දා, ඒත් කවදාවත් ඒක පිටට පෙන්නුවෙ නෑ, ළමයිනෙ අධ්‍යාපන ප්‍රශ්ණ, වලි ප්‍රශ්ණ විතරක් නෙවෙයි ලව් ප්‍රශ්ණ වලට පවා මැදිහත් වෙලා විසඳුවෙ සර්. ඇත්තටම වෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයක ආයතන ප්‍රධානියෙක් ඔහොම දේවල් තියා ලේසියෙන් හම්බ වෙන්නවත් බෑ. ඒත් අපේ තෙපුල් සර්ගෙ room එකේ දොර ඕනම වෙලාවක ළමයින්ට විවෘත වෙලා තිබුනා. මොන වැඩේ කර කර හිටියත්, වෙන දෙයක් තියා කෑම කකා හිටියත් ඒක නවත්තලා ආපු කෙනා වෙනුවෙන් පූර්ණ අවධානය යොමු කරනවා. කවදාවත් ආපු කෙනෙක් ආපහු හරවා යවල නම් නෑ.. ඒ වගේම ගෙදරින් එන දවසට අම්මලට තමන්ගෙ ළමයගෙ හොඳ වැඩිපුර කියලා වැරැද්දත් නොකියා කියන්න සර් හරි හපනා.

ඇත්තටම මං සර් එක්ක පෞද්ගලිකව කතා කරල තියෙන්නෙ අතේ ඇඟිළි ගානටත් වඩා අඩු බොහොම සුළු ප්‍රමාණයක්. ඒත් ඒ ටික ඇති පුද්ගලයා කවුද කියල තේරුම් ගන්න..
මං මුලින්ම සර්ගෙන් ප්‍රශ්ණයක් අහන්න ගියේ අනිත් උන් දිහා බලන් ඉඳලා.. ඒ අපේ මුල්ම පාඩම. අනිත් හැමෝම එකා පස්සෙ එකා ගිහින් සර්ගෙන් ප්‍රශ්ණ අහනවා. මටත් මේක බලන් ඉන්න බැරිම තැන මමත් හිතට ගට අරන් ගියා කටට එන ඕන රෙද්දක් අහනවා කියලා.. මං මුලින්ම අහපු ප්‍රශ්ණේ,

“Open source script එකක ඔක්කොම විවෘත නිසා ඒවගෙ security හොඳ වෙන්නෙ කොහොමද? ඕන කෙනෙක්ට ඒකෙ source එක බලලා ඒක විනාස කරන්න code අළුතින් ලියන්න පුළුවන්නෙ? “

සර් දීපු උත්තරේ,
“ඉතින් එහෙම කෝඩ් එකක් inject කරත් පැහැදිලිව පේනවනෙ වැරැද්ද මෙතනයි කියල. code එක open නිසා.අනික මිනිස්සු විවෘත දේවල් ගැන හිතන්නෙ නෑනෙ. වහල තියෙන දේවල් තමයි පරීක්ෂාවට ලක් කරන්නෙ”

මං ඒ කාලෙ දන්න රෙද්දක් නෑ (දැනුත් එහෙමයි).. අනිත් උන් යන නිසායි, සර් එක්ක කතා කරන්න තිබ්බ ආසාවටයි ගියා මිසක්. ඊට පස්සෙ හිතේ බය අඩු උන නිසා කීප වතාවක් ගිහින් ගෙදර මහා කොම්පියුටරේ කැඩුණම කඩේ කොළුවට නොදී ගෙදරදිම හදා ගන්න හැටි අහ ගත්තා. මං ගියපු හැම වතාවෙම tea-break එකක්. ඒ හැම වතාවෙම සර්ගෙ තේක නිවෙද්දි මාත් එක්ක කතා කරා. කොහොම උනත් කැන්ටිමේ අක්ක සීනි කිලෝ එකක් විතර දාල හදන, ඒත් කවදාවත් සීනි දිය නොකරන තේක සර් අවුරුදු 3ක් 4ක් තිස්සෙ බිව්වෙ කොහොමද කියල නම් මට පුදුම හිතුනා.

සර් ළමයින්ට පෞද්ගලිකව කරපු උදව් එමටයි. සාමාන්‍යයෙන් ඕනම batch එකක batch-top සහ මුල් ranks ටිකට කොහොමත් job vacancy අතටම ලැබෙනවා. ඒත් තෙපුල් සර් හැම තිස්සෙම හිතුවෙ සමස්ථය ගැන. තමන්ට පුළු-පුළුවන් විදියට තියෙන පෞද්ගලික සම්බන්ධකම් උපයෝගී කරගෙන හැමෝටම ජොබ් හොයල දුන්නා. හොයා ගන්න උදව් කරා..

 *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *

ජේසුතුමා ජීවත් උනේ මහජනයා එක්ක, ඒත් ඒකට පාලකයො බය උනා, තමන්ට ලබා ගන්න බැරි මහජන ප්‍රසාදය උන්වහන්සේට ලැබෙනවට ඔවුන් කැමති උනේ නෑ. අවසානයේ පාලකයන් ජයග්‍රහනය කරා…

 *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *

ආයතනයක සේවා ලාභියෙකුට එම ආයතනයේ පරිපාලනය ගැන හෝ පරිපාලනමය තීරණ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ විවේචන ඉදිරිපත් කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ.. ඒත් ඒ ආයතනය ගැන කලකිරීමට ඔවුන් පත් වෙන්න පුළුවන්.. හැබැයි සේවා දායකයන් නැතිව ආයතන වලට පැවැත්මකුත් නෑ.

ලෝක ප්‍රසිද්ධ Apple company එකෙත් අභ්‍යන්තර කුමන්ත්‍රණ වලින් ඒකෙ ප්‍රධානියා වුන ස්ටීව් ජොබ්ස් සහ ඔහුගේ ළඟම හිතවතුන් ආයතනයෙන් ඉවත් උනා. නමුත් ඔවුන් නැතිව ආයතනයට පැවැත්මක් තිබුනේ නැහැ. ඉතාම කෙටි කලකින් ආයතනය බංකොලොත් උනා. ස්ටීව් ජොබ්ස් නැවත ඒ තනතුරු වලට ආවට පස්සෙ තමයි ආයතනය රැකුනේ.. සුදුස්සාට සුදුසු තැන නොලැබුණොත් ඒක අනිවාර්යයෙන් බංකොලොත් වෙනවා.

  *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *

 කොහොම උනත් ඒ අපේ තෙපුල් සර්, ඔහුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගන්නත් එක්ක කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යය වරයෙක් වෙලා අපෙන් සමුගෙන යනවා. කොළඹ කැම්පස් එකේ පරිගණක ඉංජිනේරු විශය හදාරන සිසුන් ඒ අතින් අපට වඩා ගොඩාක් වාසනාවන්තයි. (ඒකනෙ කැම්පස් සිලෙක්ට් උනේ )

කොහොම උනත් සර් ගිහින් දැනට සතියක්. ලංකාවෙ මිනිස්සුන්ට ඕනම දෙයක් සති 2න් අමතක වෙනවා කියල ප්‍රභාකරන් කියපු කියමනක් තියෙනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් සමහර සිදුවීම්, පුද්ගල චරිත අපේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ තියෙනවා. තෙපුල් සර් එහෙම චරිතයක්..

“ගෞරවය යනු බලෙන් ලබා ගත හැක්කක් නොව තමා විසින් කරන ක්‍රියාකාරකම් මත සහේතුකව අන්‍යයන් විසින් තමාට ලබාදෙන දෙයකි”

මේක තෙපුල් සර් හොඳින් අවබෝධ කරගෙන හිටියා. සර් කවදාවත් ‘මට ගරු කරපල්ලා’ කියල කිව්වෙ නැහැ. ඉබේම අපිට ඒ ගෞරවය ඇති උනා. ඒ වගේම සර්ට සාමාන්‍යය මනුශ්‍යයෙක් ඉක්මවා ගියපු ඉවසීමේ ගුණයක් තිබුනා. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගනිපු උනුත් හිටියා..
ඒත් සර් හැම තිස්සෙම කිව්වෙ “තමන් හරියට වැඩ කරල තමන්ගෙ ගමන යන්න !” කියල විතරයි..

කොහොම උනත් සර්ට වරදින්නෙ නැහැ. මොකද සර්ගෙ ගතිගුණ වලට ඉරිසියා කරන මිනිස්සුන්ට වඩා ආදරේ කරන අය දහස් ගුණයකින් වැඩියි.
ඉතින් ජීවිතයේ හමු වූ ශ්‍රේෂ්ඨතම ඇදුරාණනි, ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා ! ඔබේ ගෝලයෙකුයැයි ආඩම්බරෙන් කිව හැකි වූ තත්වයකට පත් වූ දිනෙක අපි නැවත හමුවෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි !

——————————————————————————————————

මේක එතුමන්ට ගෞරවයක් පිණිස අවංකවම හිතේ ඇති වුන හැඟීමක්. Professional post එකක් නම් නෙවෙයි. කොහොමත් සිංහල බ්ලොග්කරුවන් කවුරුවත් Professional bloggers ල නෙවෙයි. අපිට තියෙන්නෙ තම තමන්ටම ආවේණික Standard එකක් විතරයි.. Professional bloggers ල හැම දේම කරන්නෙ සල්ලි වෙනුවෙන්. ඔවුන් ඉල්ලුමට සැපයුම ලබාදීම විතරයි සිදු කරන්නෙ. ඒත් Standard blogger කෙනෙක් ලියන්නෙ සමාජයට යමක් දෙන්න හෝ තමන්ගෙ හැඟීම් අන්‍යයන් එක්ක බෙදා ගන්න විතරයි.

ඉතින් ඔබත් Professional Person (PP) කෙනෙක් වෙනවට වඩා  Standard Person (SP) කෙනෙක් වෙන්න උත්සාහ කරන්න…. !!

Like
Like Love Haha Wow Sad Angry
1

ලිපි වර්ගය: අත්දැකීම්-පෞද්ගලික

Recent Posts

  • කැපවීම – උනන්දුව සහ කාලෙකට පස්සේ….

    7 years ago23 Comments
  • මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …

    7 years ago18 Comments
  • මගේ මුල්ම ජොබ් එක…

    8 years ago32 Comments
  • මම නොවන මම……..

    8 years ago20 Comments
  • ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..

    8 years ago45 Comments

About Yasith Gamage

77
ඔයාගේ අදහසත් කියලම යන්න...

Connect with
avatar
This comment form is under antispam protection
Connect with
avatar
This comment form is under antispam protection
newest oldest
Lahiru Palihawadana
Guest
Lahiru Palihawadana

ඇත්තම යසිත් අපේ ජීවිතේ ගොඩාක් කට්ටිය ඉන්නව ගොඩාක් හොද චරිත.. ඒ කියන්නෙ අපිට ඔවුන්ගෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන් චරිත… නමුත් අපි හිතන්නෙ නැති එක තමා… Read more »

Reply
2013-09-05 11:56 AM
Anonymous
Guest
Anonymous

you will suspend

Reply
2013-09-05 12:54 PM
Anonymous
Guest
Anonymous

ohoma thami ban am sliit … thepul sir nut sliit (am aliit) am sliit logo eke inna hemoma oya wage yodayooo thami ban … thanx…… Read more »

Reply
2013-09-05 2:24 PM
Unknown
Guest
Unknown

මෙවන් සත්පුරැෂන්ගෙන් හරි ආදර්ශයක් ගන්නවනම් අපේ රට මීට වඩා ලස්සන වේවි. අපේ බොහෝ අය ගාව තියෙන්නේ තමුන් තමයි ඔක්කෝම දන්නේ කියන හීනමානයනේ.

Reply
2013-09-05 2:30 PM
සිතූ
Guest
සිතූ

ඔයා ගාල්ලේ NIBM ද? හොඳ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ ගොඩක් අයට ඉවසන්නේ නැහැ. ඒත් ඒ හොඳ අය ගෙන් අපි හොඳ දේවල් ජීවිතේට ගන්න එක තමයි වැදගත්.… Read more »

Reply
2013-09-05 3:53 PM
Dude
Guest
Dude

RESPECT MUST BE EARNED. LOOKS LIKE HE DID JUST THAT.

Reply
2013-09-05 4:31 PM
samakayawate
Guest
samakayawate

හරිම ආදරණීය සටහනක් යසිත්. මේ තමා ගුරු දෙවිවරු. මාත් මේ වගේ ගුරුවරයෙක් ගැන ලිව්වා පෝස්ට් එකක්.
මෙන්න මගේ දෑස තෙමූ ගුරු මතකයක්

Reply
2013-09-05 4:44 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මේක තමයි………. [im]http://www.sherv.net/cm/emoticons/mooning/rude-santa-claus.gif[/im]

Reply
2013-09-05 4:58 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව්.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 🙂 හිතේ කහටක් නැතිව කකුල් 2 අල්ලල වඳින්න පුළුවන්..

Reply
2013-09-05 5:18 PM
Yasith Gamage
Guest
Yasith Gamage

සර් යන්න ලෑස්ති වෙලා අන්තිම මොහොතෙ කිව්වෙත් ඕකම තමයි.. 🙁 සිතූ NSBM එකේද ? 🙂

Reply
2013-09-05 5:36 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මෙහෙම අයට තැන ලැබෙන්නෙ නෑ තරුවො 🙁 මේක ලංකාව කියල අමතක කරන්නෙපා

Reply
2013-09-05 5:37 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මට හරියටම පැහැදිලි නෑ ඔයා කියන්නෙ මොකක්ද කියලා යාළුවා :-/

Reply
2013-09-05 5:45 PM
Yasith Gamage
Guest
Yasith Gamage

[hi="yellow"]. Respect can't be bought or borrowed it must be earned. .[/hi]

Reply
2013-09-05 6:03 PM
Unknown
Guest
Unknown

නියමයි මල්ලි.

Reply
2013-09-05 6:09 PM
ගුනේරිස්
Guest
ගුනේරිස්

// ඉතින් ඔබත් Professional Person (PP) කෙනෙක් වෙනවට වඩා Standard Person (SP) කෙනෙක් වෙන්න උත්සාහ කරන්න…. !! //

ටොක්කක් ඇනලද මංදා ?? =))

Reply
2013-09-06 1:04 AM
Yasith Gamage
Guest
Yasith Gamage

තාම බ්ලොග් එකක් පටන් අරන් නැද්ද ?

හොඳ දේවල් බොහොම තාවකාලිකයි, නරක තමයි වැඩි. එහෙම වෙන්නෙ මොකද මංදා :((

Reply
2013-09-06 1:08 AM
Podi Kumarihami
Guest
Podi Kumarihami

//"ගෞරවය යනු බලෙන් ලබා ගත හැක්කක් නොව තමා විසින් කරන ක්‍රියාකාරකම් මත සහේතුකව අන්‍යයන් විසින් තමාට ලබාදෙන දෙයකි"// සහතික ඇත්ත යසිත්. අපිත් ගුරුවරුන්ට ඔහොම නම්… Read more »

Reply
2013-09-06 1:33 AM
අල්තයීර්-Altaïr (කරූ)
Guest
අල්තයීර්-Altaïr (කරූ)

ගුරු සුවඳ.. 🙂

Reply
2013-09-06 2:30 AM
Unknown
Guest
Unknown

අපිටත් මේවගේ ගුරුවරු කීප දෙනෙක් හමුවෙලා තියෙනවා.
නමුත් මේ වගේ අය දැන් වඳ වීමේ තර්ජනයට මුණ පාලා ඉන්න කොටසක්.

Reply
2013-09-06 3:32 AM
දේශකයා
Guest
දේශකයා

උඹ ඔය පොටෝ ස්ටේටස් එක දාපු වෙලාවේ මං මොකක්ද මේ අහන්න හිතලත් ඇහුවේ නැහැ. ඇත්ත බං ගෞරවේ කාගෙන්වත් බලෙන් ගන්න බැහැ.. අනික ගෞරව කරන්න උඹලගේ… Read more »

Reply
2013-09-06 4:32 AM
Unknown
Guest
Unknown

ඇත්ත. අදටත් රැකියාවක් වෙනුවට සේවයක් කරන බොහෝ ගුරු චරිත හඳුන ගන්න පුළුවන්.

Reply
2013-09-06 5:12 AM
සිතූ
Guest
සිතූ

නැහැ. නැහැ. මම NSBM නෙවෙයි. යාළුවෙක් ඉන්නවා. එයා තමයි සර් ගැන කිව්වෙ..

Reply
2013-09-06 5:14 AM
Lahiru Palihawadana
Guest
Lahiru Palihawadana

පටන් අරගෙන ගොඩක් කල් යසිත්…. මේ තියෙන්නෙ…

http://jeevithayasundharai.blogspot.com/

Reply
2013-09-06 5:47 AM
Unknown
Guest
Unknown

100% True..

u

Reply
2013-09-06 6:14 AM
SilentSahan
Guest
SilentSahan

කෙනෙක්ට තේරෙන විදිහට දෙයක් කියලා දෙන්න පුළුවන් කමත් , තමන් යටතේ ඉගෙන ගන්න ළමයින්ගේ දුක සැප සොයා බලන ගතියත් එකට කැටි වුනු අය හරි අඩුයි.… Read more »

Reply
2013-09-06 7:58 AM
...
Guest
...

මම එන්.අයි.බී.එම්. ගියේ ඉංග්‍රීසි ඉගෙනගන්න වුණාට, තෙපුල් සර්ව හොඳටම අඳුනගන්න ලැබුණ. මොකද ඉස්සර ඩිප් ක්ලාස් තියෙන ඉරිදා දවසට කලින්ම එන්.අයි.බී.එම්. එකට ගිහින් ගොඩක් වෙලා බලන්… Read more »

Reply
2013-09-06 8:49 AM
සමී
Guest
සමී

උඹේ හිතේ තියන ගෞරවේ ගැන හිතාගන්න පුලුවන් මේ පෝස්ට් එකත් එක්ක.. කෙටි කාලයක් ගුරු හරුකම් ඉගෙන ගෙන මේම ලියනවයි කියන එකෙනුත් ඒ සර් උඹලට කොච්චර… Read more »

Reply
2013-09-06 10:35 AM
රෙහානි
Guest
රෙහානි

මටත් තියනවා මේ වගේ සර් කෙනෙක් ගැන මතකයන් … මතක් උනත් පුදුම ගෞරවයක් හිත ඇතුලේ තියෙන්නේ..

Reply
2013-09-06 10:49 AM
The තරුවා
Guest
The තරුවා

ඈ…NIBM කිව්වා. අඩේ මාත් ඒකෙමලුනේ ඈ..

Reply
2013-09-06 12:58 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මෙහෙමවත් දෙයක් ලියල හිත හදා ගන්නව. වෙන මොනව කරන්නද :((

Reply
2013-09-06 3:07 PM
Yasith Gamage
Guest
Yasith Gamage

[im]http://fellowshipofminds.files.wordpress.com/2011/09/thinkingscratchhead-large.gif[/im]

Reply
2013-09-06 3:27 PM
Yasith Gamage
Guest
Yasith Gamage

පොඩි කුමාට ඒ කාලෙ දාල තිබුන නම මොකක්ද ? 😀

Reply
2013-09-06 3:29 PM
Yasith Gamage
Guest
Yasith Gamage

වත්මන් ගඳ ගහන ගුරු සමාජයේ සුවඳවත් අපූරු මිනිසෙක් 🙂

Reply
2013-09-06 3:31 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒක කරන්නත් ගොඩක් අය උත්සාහ කරනවා 7:P

Reply
2013-09-06 3:32 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ගරු කරන්න හිතෙන්න ඕන බං.. ඒකට හොඳ පෞර්ශයක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕන. කැණහිලෙක් වගේ එකෙක් ඇවිත් කෑ ගහල සද්ද දාල බය කර ගත්තට ඌට කවදාවත්… Read more »

Reply
2013-09-06 3:36 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒ වගේම සේවය රැකියාවක් කරගන්න අයත් ඕන තරම් :-w

Reply
2013-09-06 3:38 PM
Yasith Gamage
Guest
Yasith Gamage

🙂

Reply
2013-09-06 3:40 PM
Unknown
Guest
Unknown

ක්මෙන්ට් බොක්ස් එක උඩට දාපියකෝ >:O

Reply
2013-09-06 4:27 PM
Yasith Gamage
Guest
Yasith Gamage

m/ තැන්කූ ශාන්

Reply
2013-09-06 4:28 PM
Yasith Gamage
Guest
Yasith Gamage

එතකොට Chrome browser එකේදි අවුල් යනවා…
ඒක කියන්නමද ආවෙ ^#(^

Reply
2013-09-06 4:30 PM
Yasith Gamage
Guest
Yasith Gamage

[card="green"] ඔයාගෙ අදහසත් කියන්න මෙතන CLICK කරන්න.. [/card] ඕක උඩ කෙටුවම සුරුස් ගාල කොමෙන්ට් බොක්ස් එක එනවා 😀

Reply
2013-09-06 4:40 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අෆ්ෆා.. ඔහේ එකේද ? බැජ් එක මොකක්ද ?

Reply
2013-09-06 4:41 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒ ගෞරවේ අකුරු කරන්න කැමැත්තක් නැද්ද ?

Reply
2013-09-06 4:42 PM
Yasith Gamage
Guest
Yasith Gamage

:-bd ස්තූතියි සමී..

Reply
2013-09-06 4:43 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔබටත් hatz off නංඟා [imcomment image[/im]

Reply
2013-09-06 4:46 PM
නිල් මානෙල්
Guest
නිල් මානෙල්

ඉවසීමෙන් ලමයින්ගෙ ප්‍රස්නවලට ඇහුන්කන් දෙන ගුරුවරු දැන් හරි අඩුයි.ඒ සර් නම් ඔයා කියල තියෙන විදියට දෙවියෙක්.

Reply
2013-09-07 11:21 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව්… දෙවියන්ට යක්ෂයො එක්ක ඉන්න බැරි නිසා ගියා :((

Reply
2013-09-08 1:44 AM
Unknown
Guest
Unknown

හොඳ ගුරුතුමෙක් ගේ හොඳ ගෝලයෙක්.. ඔය කිව්ව ගෞරවය බලෙන් ලබාගන්න බැහැ…කියන පාඨය මට මගේ පොඩි කාලේදී මගේ තාත්තා කියාදුන් දෙයක්…ඒ මීට අවුරුදු 25කට විතර කලින්…ඒ… Read more »

Reply
2013-09-08 2:54 AM
කෝරලේ මහත්තයා
Guest
කෝරලේ මහත්තයා

සමහර ගුරුවරු ඉන්නවා බං අවුරුදු ගානක් ගියත් මතක හිටිනවා.:)

Reply
2013-09-08 6:51 AM
DDT
Guest
DDT

අපි හැමෝටම අපි ආදරය කරන ගරු කරන ගුරුවරු, හොඳ මිනිස්සු මේ ජීවිතකාලය තුළදි හමුවෙන්නෙ බොහොම අඩුවෙන්. ඉතිං එහෙම කෙනෙක් ඔහුගෙ දියුණුව පතා උනත් අපෙන් වෙන්වෙලා… Read more »

Reply
2013-09-08 1:06 PM

© 2022 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.

wpDiscuz