• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

“මාව බඳිනවද? ” අහන්න තවත් ක්‍රමයක්…..

2013-08-14 දින රචනා කරන ලදී.


දන්නවද ගැහැණු ජාතිය මහා පුදුමාකාර සත්ව කොට්ඨාශයක්.. වැරදිලාවත් වර්ගීකරණය කරන්න හැදුවොත් මාර අමාරුවක වැටෙනවා, මොකද එකම විශේෂයට අයත් උනත් එක් එක් කෙනාගෙ ගති පැවතුව එකිනෙකට සපුරාම වෙනස් නිසා..

පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ. මොකක් උනත් කාන්තාවකගෙ හිතක් ලේසියෙන්ම සතුටු කරන්න පුළුවන් කියල සහෝදරියක්/ පෙම්වතියක් / යෙහෙළියක් / බිරිඳක් ඉන්න ඕනම කෙනෙක් දන්නව ඇති.. හිස් පොල් කට්ටකට හුණු ටිකක් ගාල රතුපාට රිබන් පටියකින් බැඳල ගිහින් දුන්නත් ඒක මාර වටිනවා. ඒත් සැබවින්ම වෙන්නෙ ඔවුන්ට දැනෙන්න ඕන ඔහුට තමන්ව නිතර මතක් වෙනව කියල එච්චරයි..

සතුටු කරන එක ලේසි උනාට පිරිමි ඔබ කවදාවත් කාන්තාවක් පුදුමයට පත් කරල තියෙනවද ? නැත්නම් එහෙම දැකල තියෙනවද ? ඒක අතිශයින්ම දුර්ලභ අමාරු කර්තව්‍යයක්.. මම ඒකට උත්සාහ කරා.. අන්තිමට ඇය මාව පුදුමයට පත් කරල සුළඟක් වගේ යන්න ගියා.. මං තාමත් කටත් ඇරන් පුදුම උන ගමන් එහෙමම ඉන්නවා..

ඇත්තටම ගැහැණු චපලයි කියල අපිට පාසලේදිත් හොඳින් උගන්වනවා. දැන් බලන්න මගේ මතකයේ හැටියට 10 වසරේ සිංහල පොතේ තියෙන “දිත්තල-කාලගෝල” පාඩම, තව නිර්දේශිත නාට්‍ය ගණයට අයත්වන “මනමේ” නාට්‍ය.. මේ දෙකෙන්ම කියවෙන්නේ පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලම නේද ? නමුත් අවාසනාවට සිංහල උගන්වන්න ඉන්නෙත් ගුරුවරියන්. ඉතිං කවදාවත් ළමයින්ට් මේ පාඩම්වල සැබෑ අර්ථය දැන ගන්න ලැබෙන්නෙ නෑ…

දැන් තමයි නිධාන කතාව..සාමාන්‍ය නිරෝගී පිරිමි ළමයෙක්ගෙ සිතේ විරුද්ධ ලිංගික ගැහැණු ළමයෙක් ගැන කැමැත්තක් / ලෙංගතුකමක් ඇති උනොත් ඒක ඇයට කියන්නෙ කොහොමද ?

  • සමහරු යාළුවෙක් මාර්ගයෙන් අහනව (කුජීතයි)
  • SMS හෝ Instant Chat එකෙන් (ගතියක් නෑ)
  • කෙලින්ම ගිහින් හදවත විවර කරල වමාරනව (මොරාල් අප්)
  • ඇයට හිතාගන්නවත් බැරි විදියට පරිසරය වෙනස් කරල ඒ මගින් සන්නිවේදනය කරනවා (පට්ටයි)

මේක අහම්බෙන් ලැබුණ Video Clip එකක්.. තමන්ගෙ පෙම්වතිය පුදුමයට පත් කරල විවාහ යෝජනාවක් ගෙනෙන පෙම්වතෙක්.. හොඳට බලන්න…

වැඩේ නම් මාරයි.. ඒත් මං නිකමට වියදම් පක්ශය බැළුවම, dancing team එකට, sound වලට, video team එකටයි මුළු වියදම 50,000 ට වඩා යනවා.. මුද්දට වෙනම ගෙවන්න ඕන.. ඔච්චර කරලත් කැමැත්ත ඇහුවම කණේ පාරක් දුන්නොත් ?
–
–
–
–
–
–
–
–
අවුලක් නෑ… ඒ Video එකට මීට වඩා හොඳට Hits ලැබෙයි..

මෙලෝ තේරුමක් නැති පෝස්ට් එකක්.. Video එක නම් වටිනව.. කමක් නෑ ඒකාකාරී බවෙන් මිදෙන්න මොකක් හරි විකාරයක් ලියන්නත් එපැයි.. නැත්නම් කට්ටියට මාව අමතක වෙයි..

 කැමති නම් ඔයාල ආදරය කරපු කෙනාට විවාහ යෝජනාව ගෙනාපු හැටි අපිටත් දැන ගන්න කියල යන්න…

Like
Like Love Haha Wow Sad Angry

ලිපි වර්ගය: සිතන්නට යමක්

Recent Posts

  • කැපවීම – උනන්දුව සහ කාලෙකට පස්සේ….

    5 years ago23 Comments
  • මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …

    6 years ago18 Comments
  • මගේ මුල්ම ජොබ් එක…

    6 years ago32 Comments
  • මම නොවන මම……..

    7 years ago20 Comments
  • ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..

    7 years ago45 Comments

About Yasith Gamage

29
ඔයාගේ අදහසත් කියලම යන්න...

Connect with
avatar
This comment form is under antispam protection
Connect with
avatar
This comment form is under antispam protection
newest oldest
Unknown
Guest
Unknown

විවාහය හම්ම්ම්ම්ම

Reply
2013-08-14 3:53 PM
Unknown
Guest
Unknown

ඔය වීඩියෝවෙන් ම පිරිමින් ගෙ මෝඩකම ඔප්පු වෙනව නේ.

Reply
2013-08-15 3:30 AM
Unknown
Guest
Unknown

ekane ban… ki***k issara mechchara dangalanna oneda… oya hama kellatama thiyenne ekama gajamatic eka thamai…

Reply
2013-08-15 6:06 AM
Chams
Guest
Chams

//පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ.//
කවුද දන්නෙ නෑ එහෙම කියල තියෙන පඬිවරු X(

Reply
2013-08-15 6:31 AM
නදිනි
Guest
නදිනි

අද වෙනතුරු සැමි අයියානම් මගෙන් අහල නෑ බදින්න… මොනව කරන්නද ඒ මනුස්සයගේ කරුමේ තමයි මට ඕනි උනානේ බදින්න…

Reply
2013-08-15 2:59 PM
Chandana
Guest
Chandana

මේ දවස් වල බ්ලොග් අවකාශෙ බඳින කතාමනෙ තියන්නෙ. හිටපන් මාත් බඳින තුවක්කුවක් ගැන වත් ලියන්න 😀

Reply
2013-08-15 4:23 PM
Yasith Gamage
Guest
Yasith Gamage

තුවක්කුවයි ගැහැණියක් බඳින එකයි අතරෙ වැඩි වෙනසක් නෑ කොහොමත් 😛

Reply
2013-08-16 2:41 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අනේ වාසනාවන්…. හැම කෙල්ලෙක්ම ඔහොම හිතනව නම් …… 😀

Reply
2013-08-16 2:43 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අපේ සීයා =)) =)) =))

Reply
2013-08-16 2:44 AM
Yasith Gamage
Guest
Yasith Gamage

@ දිලිනි ඔයා කැමති හෙන ගහන්න වගේ ඇවිත් "මාව බැඳපං ගෑණියෙ" කියනවටද ? ඕනම දෙයක් ක්‍රියේටිව් විදියට කරොත් තමයි ලස්සන….. @Eluwa Matta @-) @-) @-)… Read more »

Reply
2013-08-16 2:47 AM
Yasith Gamage
Guest
Yasith Gamage

Unlimited බැදීමක් නේද ? 🙁

Reply
2013-08-16 3:00 AM
Unknown
Guest
Unknown

//ඒත් මං නිකමට වියදම් පක්ශය බැළුවම, dancing team එකට, sound වලට, video team එකටයි මුළු වියදම 50,000 ට වඩා යනවා.. මුද්දට වෙනම ගෙවන්න ඕන.. ඔච්චර… Read more »

Reply
2013-08-16 5:28 AM
රයිටර්
Guest
රයිටර්

මම නම් කෙලින්ම ගිහින් අහනවා "ඔයා මගේ මුණුපුරන්ගේ ආච්චි වෙන්න කැමතිද කියල"

ඕවගේ ප්‍රපොසල් ගොඩක් තියේ යු බටේ. සමහර ඒවා නම් මයිල් ස්මයිල් වෙන ඒවා.

Reply
2013-08-16 6:38 AM
දයානන්ද රත්නායක
Guest
දයානන්ද රත්නායක

කාලයේ තාලය අනුව වෙනස් විය යුතුයි. සටහන වගේම වීඩියෝවත් කියන්නේ එයයි.

Reply
2013-08-17 1:39 AM
Dude
Guest
Dude

ගෙදර ඉන්ටනෙට් එකට කෙලවෙලා. මම මේ ඉස්කෝලෙට ආවා පේජ් ලෝඩ් කරගෙන යන්න. කියවලා කමෙන්ට් කරන්න ඕනෙ.

Reply
2013-08-17 7:26 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඉතිං එහෙම එකක් කරල බැළුවෙ නැද්ද ? :))

Reply
2013-08-19 2:33 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒත් සමහර වෙනස්වීම් නම් මං හිතන්නෙ ගැළපෙන්නෙම නෑ 🙁

Reply
2013-08-19 2:34 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඈ…. ලයින් එක කපලද ? :)]

Reply
2013-08-19 2:35 AM
❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀
Guest
❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀

මගේ යාලුවෙක් එයා කැමති දැරිවිගෙන් අහලා තිබුනා එයාගේ මුණුබුරාලගේ ආච්චි වෙන්න කැමතිද කියලා. කෙල්ලට උතුර දකුණ මාරු වෙලා ගත් කටටම හා කියලා. පස්සේ තමයි හා… Read more »

Reply
2013-08-19 9:04 AM
Yasith Gamage
Guest
Yasith Gamage

වෙන්න බෑ… තේරුණේ නැතත් කවදාවක් කෙල්ලෙක් "ආච්චි" කෙනෙක් වෙන්න හා කියන එකක් නෑ :))

Reply
2013-08-20 5:01 PM
Unknown
Guest
Unknown

මේ ඔක්කොම අපි ජිවත් වෙලා ඉන්නකන් විතරි එක තේරුම් ගන්නකොට කෝච්චිය ගිහිල්ල ගොඩක් වෙලා,යනකොට මේ හෙමදේම දාලා යනවා . කරුනාවියි

Reply
2013-09-06 6:27 AM
Unknown
Guest
Unknown

මසුරන් වටිනව

Reply
2013-09-06 6:28 AM
සුළඟ
Guest
සුළඟ

හ්ම්ම්ම් .. ආදරය කරද්දී කොල්ලෝ මෝඩයි .. කෙල්ලෝ කපටියි .. ඔය වීඩියෝ එකෙන්ම ඔප්පු වෙනවා කොල්ලෝ කොච්චර නම් ආදරය කරනවද කියලා .. එත් කෙල්ලොන්ට ඕවගේ… Read more »

Reply
2013-09-06 1:16 PM
Yasith Gamage
Guest
Yasith Gamage

නෑ… ඇත්තටම කෙල්ලන්ට ඒක තේරුම් ගන්න මොළයක් නෑ =((

Reply
2013-09-06 3:01 PM
ජේකබ් කොල්ලා
Guest
ජේකබ් කොල්ලා

අයියෝ සල්ලි =((

Reply
2013-09-29 10:59 AM
Admin
Guest
Admin

ඕක ලංකාවෙ වෙච්ච දෙයක් නෙවෙයිනෙ! මේක ලංකාවෙ වෙච්ච සීන් එකක්..!

http://www.youtube.com/watch?v=_zmHHkQyVuw

Reply
2013-10-22 2:47 PM
Yasith Gamage
Guest
Yasith Gamage

සල්ලි වගේද මල්ලි මෙව්වා 🙂

Reply
2013-11-05 3:19 PM
Yasith Gamage
Guest
Yasith Gamage

පට්ටයිනේ… හැබැයි ඕකත් කොපියක්. එහෙම උනත් නියමෙටම කරලා

Reply
2013-11-05 3:31 PM
lankavediosxx
Guest
lankavediosxx

help ekak denawada ahanna

Reply
2015-01-16 12:56 AM

© 2021 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.

wpDiscuz