• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

මොකටද අපි සිංහල බ්ලොග් ලියන්නේ ?

2013-08-21 දින රචනා කරන ලදී.

බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය..

කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය.

ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය..

ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි…
ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමතිය. සමාජයේ තැලී පොඩිවන හිඟන්නාද , කුඩුකාරයාද මොහොතකට හෝ රජෙකු යන හැඟීමට කැමතිය. එය ආත්ම තෘප්තිය හෝ ස්වයං මානසික වින්දයකි. මනසින් ලැබෙන්නා වූ එය සැබෑවටම ලබා ගැනීමටද ඔවුන් කැමතිය. එසේ නොවන්නෝ නොවෙති..

කොටින්ම සෑම වැඩ බැරි දාස කෙනෙකුම තමන් සුපර් මෑන් කෙනෙකු ලෙස හඳුන්වනවාට කැමතිය.. ඒ සඳහා හොඳම තැන රියැලටි ලෝකය නොව අතත්‍ය (Virtual) අවකාශයයි.. එයින්ද අතත්‍ය සමාජය වන social media network මඟින් එය පහසුවෙන් සිදු කරගත හැකිය.. යම් ආරූඬ නාමයකට මුවා වී “පොර ටෝක්” දීමෙන් ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වීමටත්, තමන්ගේම virtual gang එකක් සාදා ගැනීමට හැකිය. එය එසේම විය යුතුය.. සැබෑ ලෝකයේ එළිපිට දැක්වීමට නොහැකි අදහස් අතත්‍ය (Virtual) අවකාශයේ නොබියව ප්‍රකාශ කිරීමට හැකිය.. වාරණ හෝ සීමා පැනවෙන්නේ තමන්ගේ අභිමතය පරිදිය.

2011 පෙබරවාරි මස වන විට ලෝකය පුරා බ්ලොග් අඩවි මිලියන 156 ඉක්මවා තිබිණ.. ඉන් වසර දෙකකට පසුව, මේ වනවිට එය මිලියන 200 ට ළඟා වනු නියතයි.. නමුත් මේ අතරින් සිංහල සම්මත අන්තර්ජාල සටහන් කේතන ක්‍රමය වන සිංහල යුනිකේත මගින් ලියැවුනු බ්ලොග් ප්‍රමාණය 5000 නොයික්මවනු ඇත. එයින්ද යාවත්කාලීන වන අඩවි ප්‍රමාණය 500කට අඩුය.

ඇතැමුන් අන්තර්ජාලය තුල සිංහල භාවිතය ලැජ්ජාවක් සේ සළකති. සිංහල භාෂාව “පොෂ් භාෂාවක්” නොවේ යැයි ඔවුන් සළකනවා විය හැකිය.සිංහලෙන් බ්ලොග් ලියන්නේ තුන්වැනි පන්තියේ ඉංග්‍රීසි නොදත් ගොඩයන් යැයි ඔවුන් සිතනවා විය හැක. නමුත් මා හඳුනන ඇතැම් සිංහල බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේදී දරන තනතුරු ගැන ඔවුන් දැන ගතහොත් ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ තමන්ටම නිගමනයකට එළඹිය හැකිය…

මේ ලිපිය ලියන්නට පාදක උනේ මා මිත්‍ර එක්තරා පුද්ගලයෙකු විසින් අද කරන ප්‍රකාශයකි..
“මට බ්ලොග් ලියන උන් පේන්න බෑ.. ඔයින් එකක් හදන්න ඕන බූරුවෙකුට පුළුවන්.. සයිට් එකේම ටෙම්ප්ලේට් එකක් තේරුවා ප්ලගින් දැම්මා..”

කතාව ඇත්තකි.. බ්ලොග් අඩවියක් ඇරඹීම ඔහු කියන පරිදි ඕනෑම ‘බූරුවෙකුට’ උනත් ඉතා පහසුවෙන් කළ හැක්කකි.. එසේ නොවිණි නම් බ්ලොග් කලාව මෙතරම් ජනප්‍රිය නොවනු ඇත.. Blogger, WordPress, Tumblr වැනි blogging services ඒවා හැසිරවීම හැකි තරම් සරල කර ඇත්තේ බ්ලොග් යනු සියල්ල දත් තාක්ෂණික පණ්ඩිතයන්ට පමණක් භාවිතා කිරීමෙන් වලක්වා, කලාකාමී සිතුවිලි රැගත් අතත්‍ය (Virtual) සමාජ අවකාශයක් ගොඩ නැගීමට විය යුතුය..

* * * * * * * * * *

ප.ලි.:
ලංකාවේ වසරකට මෘදුකාංග ඉංජිනේරුවන් දහස් ගණනක් බිහි වෙනවා ඇති. නමුත් සිංහල භාෂාව, තම මව් භාෂාව වෙනුවෙන් සුළු කාලයක් හෝ වැය කරපු පුද්ගලයන් ඉතා කිහිප දෙනයි ඉන්නෙ.. ඔවුන් නිවැරදි වෙන්නත් පුළුවන්, මොකද කවදාවත් ක්ලයන්ට් කෙනෙක් සිංහල මෘදුකාංගයක් හෝ වෙබ් අඩවියක් මිලදී නොගන්නා නිසා.. තව ටික කාලෙකින්ම සිංහල භාෂාවත් අතුගෑවිලම යාවි.
 ඒ නිසාමදෝ කොහෙද ලංකාවෙ සිංහල අපේ විකිපීඩියාව 2005 වසරේ සිට මේ වෙනකම්ම ලිපි 8,301 ක් තියාගෙන වේලෙන්නෙ… 

Like
Like Love Haha Wow Sad Angry

ලිපි වර්ගය: සිතන්නට යමක්

Recent Posts

  • කැපවීම – උනන්දුව සහ කාලෙකට පස්සේ….

    5 years ago23 Comments
  • මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …

    6 years ago18 Comments
  • මගේ මුල්ම ජොබ් එක…

    6 years ago32 Comments
  • මම නොවන මම……..

    7 years ago20 Comments
  • ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..

    7 years ago45 Comments

About Yasith Gamage

56
ඔයාගේ අදහසත් කියලම යන්න...

Connect with
avatar
This comment form is under antispam protection
Connect with
avatar
This comment form is under antispam protection
newest oldest
sAm (සෑම්)
Guest
sAm (සෑම්)

ඇත්ත ලෝකෙ සැගවුනු බොහොමයක් වර්චුවල් ලෝකයේ වීරයෝ.. !

හොද ලිපියක්..

Reply
2013-08-21 6:41 PM
නාඩියා නාඩිරත්න
Guest
නාඩියා නාඩිරත්න

අනේ බං අපේ උන් මේක තේරුම් ගන්නවනම් කොච්චර එකක්ද!

Reply
2013-08-21 6:50 PM
saman deshapriya
Guest
saman deshapriya

ඕන බූරුවෙක්ට බ්ලොග් එකක් හදන්න පුළුවන් ඇති. ඒත් ඕන බූරුවෙක්ට බ්ලොග් එකක් පවත්වාගෙන යන්න බෑ කියල අර උබේ යාළු මී හරකට කියල දීපන්. පුළුවන්නම් ඌට… Read more »

Reply
2013-08-22 2:00 AM
හිරු
Guest
හිරු

සිංහල විකිපීඩියාව ගැන මට නං එච්චර හොඳ හැඟීමක් නෙවෙයි තියෙන්නෙ.. අපේ අය මොන වැඩේ කළත් පංගු පේරුවටනෙ කරන්න හදන්නෙ… යසිත් අපේ තියෙන්නෙ සිංහල භාෂාවේ පාවිච්චියේ… Read more »

Reply
2013-08-22 3:30 AM
Chandana
Guest
Chandana

නෙට් එකේ කාලය ගත කරන ගොඩක් අය බ්ලොග් ගැන දන්නෙ නෑ. කියල දුන්නත් එහෙමත් කෙනෙක් තමයි ඒ ගැන උනන්දු වෙන්නෙ. ලියන්න පුළුවන් අය ඉන්නව. ඒත්… Read more »

Reply
2013-08-22 3:43 AM
නදිනි
Guest
නදිනි

බ්ලොග් එක ගැන කිව්වාම ඔය වගේ කමෙන්ට්ස් තමයි එන්නේ…ඕවට කතා කරන්න ගියාම නිකන් ලේ පිච්චෙනව විතරයි…

Reply
2013-08-22 5:09 AM
Dude
Guest
Dude

අනේ මන්දා බොලං. මම නම් මුලින්ම කඩාපාත් වුනේ ඉංග්‍රීසි බ්ලොග් රචකයෙක් හැටියට. සිංහල බ්ලොග් දෙකත් සමාන්තරව පවත්වාගෙන යනවා. සමහර අදහස් ප්‍රකාශ කරන්න ඒ ඒ භාෂාව… Read more »

Reply
2013-08-22 6:14 AM
Unknown
Guest
Unknown

සහතික ඇත්ත අනේ.එක නෙමේ. මේ blog එකේ comment box එක ගන්න හරි අමාරු යි නේ. පොඩ්ඩක් බලන්න.

Reply
2013-08-22 6:23 AM
Chinthaka Supun
Guest
Chinthaka Supun

මාත් අහම්බෙන් තමා බ්ලොග් වලට ආවේ… මුලින්ම කියෙව්වා..පස්සේ ලියන්න හිතුනා.. ඒත් මූණු පොතේ එල්ලිලා ඉන්න ගොඩ දෙනෙක් බ්ලොග් කියල දෙයක් තියෙනවද කියලවත් දන්නේ නෑ

Reply
2013-08-22 6:29 AM
මහේෂ් නිශාන්ත
Guest
මහේෂ් නිශාන්ත

සුද්ද ඉංගිරිසියෙන් ලියන්නේ , ඒ ඔහුගේ මව් බස නිසා , අපි සිංහලෙන් ලියන්නේ මේ අපේ මව් බස නිසා , “පොෂ් උගතුන්“ මොනවා කිව්වත් ,දෙවන බසක් ඉගෙන ගන්නත් මව්… Read more »

Reply
2013-08-22 1:06 PM
දයානන්ද රත්නායක
Guest
දයානන්ද රත්නායක

සිංහල බස මොන තරම් කතාකළත් ලියන්න ගියාම තමයි එහි අරුමය දැනෙන්නේ. ලියන වැඩෙත් අපි හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. මෙවනවා වුනත් සිංහල බස කතාකරන… Read more »

Reply
2013-08-22 1:46 PM
Podi Kumarihami
Guest
Podi Kumarihami

testing!!! 🙂

Reply
2013-08-23 1:19 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඇයි පොඩි කුමාරිහාමි බ්ලොග් ලියන්නෙ ටෙස්ට් කරන්නද 😀

Reply
2013-08-23 1:45 AM
රයිටර්
Guest
රයිටර්

කවුරු කොහොම කිව්වත් මගේ ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ මමනේ. මගේ ත්‍රිල් එකට මම ලියනවා.. ඕනේ කෙනෙක් ඕනේ නම් ඇවිත් කියවයි..නැත්තම් නෑවිදින් ඉඳීවි… උපන් භාෂාව සිංහල උන… Read more »

Reply
2013-08-23 5:50 AM
සෙන්නා
Guest
සෙන්නා

උඹේ මල ඉලවු කමෙන්ට් බොක්ස් එක.. එක පාරක් ඇවිල්ලා ඔට්ටු වෙලා වෙලා යන්න ගියා… මමනම් බ්ලොග් ලියන්නෙ කහනවට.. වෙදමහත්තයෙක් කිව්වා බ්ලොග් එකක් ලිව්වනම් ඔය කැසිල්ල… Read more »

Reply
2013-08-23 7:04 AM
නිල් මානෙල්
Guest
නිල් මානෙල්

අපේ මව් භාසාව සිංහල නිසා සිංහලෙන් ලිවීම ගැන ලැජ්ජා වෙන අය ලංකාවෙ ඉපදීම ගැනත් ලජ්ජා වෙන්න ඕන. නමුත් සිංහලවලට වඩා ඉංග්‍රිසියෙන් ලියන එක සමීප සමහරු… Read more »

Reply
2013-08-23 9:12 AM
සෙන්නා
Guest
සෙන්නා

තව එකක් කියන්න ඕනා. සිංහලෙන් බ්ලොග් ලියන අපි දැන හෝ නොදැන අන්තර්ජාලය තුල සිංහල භාශාවට ලොකු සේවයක් කරනවා එහි ව්‍යාප්තියට. ඉස්සර සිංහලෙන් මොනවා හරි හෙව්වොත්… Read more »

Reply
2013-08-23 9:38 AM
Unknown
Guest
Unknown

අර ධර්මපාලතුමා කිව්වා වගේ සිංහල ගොඩේ භාෂාවක් කියල හිතන කළු සුද්දෝ තමයි වැඩියෙන් ඉන්නේ. බලන්න FM නාලිකා හෙවත් නපුංසක චැනල් වල ඉන්න මොඩ රැළ. යසිත්… Read more »

Reply
2013-08-23 10:33 AM
Yasith Gamage
Guest
Yasith Gamage

එහෙම හරි ඔවුන්ට හඬක් නඟන්න ලැබෙන එක කොයි තරම් හොඳයිද.. නැත්නම් හැමදාම සමාජයෙන් බැට කන්නයි වෙන්නෙ :-w

Reply
2013-08-23 10:35 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අපි තේරුම් කරල දෙමු 🙂

Reply
2013-08-23 10:40 AM
Yasith Gamage
Guest
Yasith Gamage

blog කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති එකෙක් එක්ක මං මොනව කියන්නද බං.. අනික පොර all-rounder කෙනෙක්.. ඌට බැරි එකම දේ මේකද කොහෙද. ඒ නිසා ඒකට… Read more »

Reply
2013-08-23 10:42 AM
Anonymous
Guest
Anonymous

සිරාවටම ඌ එහෙම කියන්න ඇත්තේ ඒක තමා ,

එකෙක් අහනවා මගෙන් , මොකක්ද යකෝ ඕකේ උඹට ඇති පලේ සල්ලි හම්බෙනවද කියලා

Reply
2013-08-23 4:49 PM
Anonymous
Guest
Anonymous

අනේ වාසනාවං

Reply
2013-08-23 4:52 PM
සමී
Guest
සමී

මගෙ සූටි බ්ලොග් එක.. මගෙ ආත්ම තෘප්තියට අනික් සහොදර බ්ලොග් කරුවන්ගේත් සහයොගය ඇතුව හීමීට කොරන් යමි 🙂 එය මගේ නිදහසයි!!

Reply
2013-08-23 6:00 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මට නම් සල්ලි වලට ගන්න බැරි දෙයක් මේකෙන් ලැබෙනවා.. 🙂
සතුට :))

Reply
2013-08-23 6:09 PM
Yasith Gamage
Guest
Yasith Gamage

සිංහල විකිපීඩියාවෙ මොකුත් ගැටළුවක් තියෙනවද ? කවුරු හරි ඒක තමන්ගෙ බූදලයක් කරගෙනද ? බුකියෙ මේකෙ ලින්ක් එකට "අරුණු ශපීරෝ මහත්මිය" දාපු කොමෙන්ට් එකෙන් මට එහෙම… Read more »

Reply
2013-08-23 6:12 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මං 2008 ඉඳන් FB ඉන්නවා.. 😀 ඒත් මේ වෙනකම් එක ස්ටේටස් එකක්වත් දාල නෑ.. මං ඒකට යන්නෙ request තිබුනොත් accept කරන්නයි. Fanpage එක බලන්නයි විතරයි..… Read more »

Reply
2013-08-23 6:15 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒකද නදුනි අක්ක දැං ලියන්නෙ නැත්තෙ ? X( @දිලිනිඔව්, කලින් ටෙම්ප්ලේට් එකට මං වැඩි වැඩ දාන්න ගිහින් ක්‍රෝමි බ්‍රවුසරේට කොමෙන්ට් බොක්ස් එක අවුල් ගිහින්.. දැන්… Read more »

Reply
2013-08-23 6:18 PM
Yasith Gamage
Guest
Yasith Gamage

සිංහලෙන් ලියද්දි සමහර හැඟීම් ඒකට කාවද්දන්න පුළුවන් වගේ I-) I-)

Reply
2013-08-23 6:23 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මමත් මුලින් බ්ලොග් කියෙව්වා.. ඒත් එයින් එකක් හදන්න ගොඩාක් සල්ලි යනවා, කෝඩ් දැන ගන්න ඕන කියලයි මුලින් හිතුවේ.. මං බ්ලොග් ගැන දැනගත්තෙ 2009 විතර :-B

Reply
2013-08-23 6:27 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අපේ සමහරුන්ගෙ මව් බස ඉංග්‍රීසිනෙ 😀 සිංහල ස්ටෑන්ඩර්ඩ් භාෂාවක් නෙවෙයි කියල හිතන්නෙ, වැඩිපුරම කාන්තාවන් :)]

Reply
2013-08-23 6:30 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මමත් ලියන්නෙ මගේ ආතල් එකට.. ඒක අනිත් අය කියව්ව කියල දැන ගත්තම මාර කික් එකක් එනව.. හැමෝටම එහෙමනෙ 😀

Reply
2013-08-23 6:32 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මට නම් ලියන්න හිතුනෙ වෙන බ්ලොග් එකක තිබුන "බූට් කතාවක් දැකලා".. කිව්වත් වගේ හිතේ අමාරුවට නම් මේක මරු බෙහෙත :-bd

Reply
2013-08-23 6:35 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒ කියන්නෙ එහෙනම් ඔබතුමී අනිවා ඉංග්‍රීසි ගුරුවරියක්…
විද්‍යා ප්‍රබන්ධ පරිවර්තනේ කරල තියෙන හැටියට මට නිකමට හිතුනා 🙂

Reply
2013-08-23 6:37 PM
Yasith Gamage
Guest
Yasith Gamage

බුකියෙත් යුනිකෝඩ් ව්‍යාප්ත උනේ බ්ලොග් නිසා :-B නැත්නම් සිංග්‍රීසි වලින් කොට කොට තමයි කට්ටිය ඉන්නෙ.. අනික දැං ගූගල් එකෙත් හැම සේවාවම වගේ යුනිකෝඩ් ට්‍රාන්ස්ලේට් වර්ශන්… Read more »

Reply
2013-08-23 6:40 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අනිවා.. ඒත් අපේම උන් ටිකක් අනිත් පැත්තෙන් මේක වැරදියට යොදා ගන්න එකයි දුක :((

Reply
2013-08-23 6:42 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මගේ සූටි බ්ලොග් එක නම් මට ලොකූවට වයිනවා.. මේක තමයි මාව සැහැල්ලුවෙන් තියන්නේ 😉

Reply
2013-08-23 6:44 PM
වැසි දැරිය - The Rain Girl
Guest
වැසි දැරිය - The Rain Girl

මට පහුගිය දවස් ටිකේම කොමෙන්ට් කොරන්ට බැරි වුණා.මේකෙ කොමෙන්ට් ගැජට් එකේ මොකක්ද අප්සැට් එකක් තිබ්බා.එව්වාටත් එක්කම කොමෙන්ට් කරන්න පස්සේ දවසක එන්නම්,මොකෝ මං දැක්කා ගෑල්ලමයින්ට බැනලා… Read more »

Reply
2013-08-24 6:18 AM
Yasith Gamage
Guest
Yasith Gamage

Comment අවුලක් තිබුන නම් මට කිව්වෙ නැත්තෙ මොකද ? ඔයා හිතුව නේද ඔයාගෙ මැශිමෙ අවුලක් නිසා ඒක පේන්නෙ නෑ කියල ලැජ්ජාවට ශේප් උනා :))පේනවනෙ ඉතිං… Read more »

Reply
2013-08-24 7:07 AM
ඩ්‍රැකී
Guest
ඩ්‍රැකී

මේක හොඳ කතිකාවක්. සමහර සිංහලයො ඉන්නවනෙ දෙන්නෙක් හම්බුනහමත් ඉංග්‍රීසියෙන් ම කතා කරන. සමහරු ඉංග්‍රීසියෙන් කතාව පටං අරං, අනික හොදට කතා කරනවනං ෂේප් එකේ සිංහලට මාරු… Read more »

Reply
2013-08-25 1:29 AM
Podi Kumarihami
Guest
Podi Kumarihami

බ්ලොග් නෙමේ ටෙස්ට් කලේ . කමෙන්ට්ස්… 😀

Reply
2013-08-25 8:28 AM
Anonymous
Guest
Anonymous

ඇති යන්තං කොමෙන්ට් බොක්ස් එක මතු වෙලා! මම දවස් දෙක තුනක් ම ඇවිත් ඒක හොයා ගන්න බැරුව හැරිලා ගියා. අන්තිමේ දී බැරි ම තැන තමයි… Read more »

Reply
2013-08-25 9:08 AM
Yasith Gamage
Guest
Yasith Gamage

පත්තරවල තමන්ගෙ අදහස් වලට ඉඩ ලැබෙන්නෙ නෑ බොහෝ වෙලාවට 🙁 ඒත් බ්ලොග් එකකින් අන්වර්ථ නාමයක් යොදාගෙන හරි අසාධාරණය වෙනුවෙන් හඬක් නඟන්න පුළුවන් 🙂

Reply
2013-08-25 2:35 PM
අල්තයීර්-Altaïr (කරූ)
Guest
අල්තයීර්-Altaïr (කරූ)

මම බ්ලොග් ලියන්න ආපු කබ්බන්ගේත් කබ්බෙක්.ඇවිත් මාස හයක්වත් නෑ. බ්ලොග් ලියනවා කියන අත්දැකීමට මම ආසයි.මගේ ඩයරිය අම්මා ප්‍රසිද්දියේ සමච්චලයට ලක් කලාට පස්සේ (එයාට කවි සින්දු… Read more »

Reply
2013-08-25 2:36 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ලංකාවෙ අපේ මව් භාෂාව සිංහල.. මං පුළුවන් හැම තැනම සිංහල වචනම පාවිච්චි කරන්නෙ. කොහොමත් මට හොඳටම කඩ්ඩ බෑ 😀මගේ අම්මයි , තාත්තයි දෙන්නම හොඳ පිරිසිදු… Read more »

Reply
2013-08-25 2:38 PM
සයුරි
Guest
සයුරි

ඈ යසිත්, මේ බ්ලොග අලුත් වෙලාද? මට නිකන් හුරු නෑ හුරු නෑ වගේ. මේ පරණ යසිත්ම නේද? අයියෝ බ්ලොග් හදන්නනම් ඕන පොඩි එකෙක්ට පුළුවන් තමා.… Read more »

Reply
2013-09-02 9:29 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඒකනෙ කියන්නෙ. හැමෝම ඩයරි ලියන එක නවත්තල බ්ලොග් ලියන්න කියල නීතියක් සම්මත කරමු 😀

Reply
2013-09-02 11:57 PM
Yasith Gamage
Guest
Yasith Gamage

අළුත් කරා 🙂 ගූගල් ක්‍රෝම් එකේදි කලින් එකට කොමෙන්ට් දාන්න බෑ කියල කට්ටියක් මට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාවනෙ :))

Reply
2013-09-02 11:59 PM
Top Sinhala Blog
Guest
Top Sinhala Blog

මම දන්නා විදියටනම් සිංහල බ්ලොග් ලියන හුගක් අය ලියන්නේ ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නයි. මමත් මීට කලිනුත් සිංහල බ්ලොග් එකක් කරා. ඒ උනාට එක අතර… Read more »

Reply
2013-09-04 1:55 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව්, ඇත්ත.. සමහර සිදුවීම් රචකයාගේ පෞද්ගලික අත්දැකීම්. ඒව දැක්කම හිතෙනවා ලෝකෙ අපි නොදන්න කොච්චර දේවල් මිනිස්සුන්ට වෙනවද කියලා 🙁

Reply
2013-09-05 2:42 AM

© 2021 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.

wpDiscuz