• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

වෙසක් මුහුණු….

2013-06-10 දින රචනා කරන ලදී.

අයිරාංගනී ඉටි බෑග් එකත් අතේ ගුලි කරන් බිම බලාගෙනම මාටින් මුදලාලිගෙ කඩේ පැත්තට ගියා. පහුගිය වෙසක් එකට මුදලාලිගෙ වියදමින් දීපු බත් දන්සල ගැන ගමේ එකාල තාම කතා වෙනවා.

“හම්බ කරන හැටියට වියදමක් කරන්නත් ඕනනෙ. වෙනදට නම් මහ කුණා” අයිරාංගනී තනියම හිතුවා.

“හම්මේ… උඹලව දකින්න තියෙන අමාරුව. හරියනකොට ඔහොම තමයි” මාටින් මුදලාලි අයිරාංගනී දැක්ක හැටියෙම කිව්වා.

“අනේ නෑ මුදලාලි, අපේ මනුස්සයට තාම ගුණයක් නෑ නොවැ. තාම ඇඳෙන් නැඟිටගන්නවත් බෑ”

-“ඕක හරියන කෙරුවාවක් නෙවෙයි බොල. දැං දෑ අවුරුද්දකටත් වැඩි නොවැ. බලපං දැං උඹ වැහැරිලා තියෙන හැටි. හැමදාමත් උඹට ඔය සුමේ කොරන්ට ඇහැක ? “

“ලබා උපන් හැටි තමයි මුදලාලි.. මොකක් උනත් ඒ මගේ මනුස්සයනෙ. පුළුවන් කාලෙ අපිට අඩුවක් කරේ නෑ නොවැ………………… පොඩි එකාගෙ කිරි පිටි ඉවර වෙලා. ඌ ඊයෙ ඉඳන් බඩගින්නෙ..”

-“හෝව්… හෝව්.. ණයට නම් බඩූ නෑ අයිරාංගනියො. දැනටමත් උඹලෑ 3000 කට වඩා පියවන්න තියෙනවා. අමාරුකං අපිටත් තියෙනව බොල. අනික දන්සලට වියදං කොරල මං හිඳිල ඉන්නෙ”

අයිරාංගනී බිම බලා ගත්තා. ඇස් දෙකට පිරුණ කඳුළු චීත්ත පටින් පිහිදගත්තා.

-“මට උඹට උදව් කරන්න පුළුවන්….., ඒත් උඹත් අපිට සලකනව නම්” මුදලාලි කට කොනකට නැඟුණු සිනහවෙන් අයිරාංගනී දිහා බලන ගමන් කිව්වා.

“මො…මොකක්ද මුදලාලි ඒ කතාව ? “

මුදලාලි උත්තරයක් නොදී පිටි පැකට් එකක් ඇයට දිඟු කරා..

-“ආ.. මෙන්න මේකත් අරං පලයංකො” මුදලාලි ලක්ස් කැටයකුත් දෙන ගමන් කිව්වා..

“මේ… මොකටද? “

-“ඕක ගාල නාලා….. හවස් කොරේ මේ පැත්තෙ වරෙන්කො ගණුදෙනු බේරන්න” කලින් විදියටම කට කොනකින් හිනාවෙන ගමන් මුදලාලි කිව්වා..

අයිරාංගනීගෙ ඇස් ගිණි පුළිඟු මෙන් දිලිසුනා..

“මේ මුදලාලි… කන්න නැතිව මැරිල ගියත් මේ අයිරාංගනී අවලමේ යන ගෑණියෙක් නෙවෙයි. ගමේ මහලොකු උපාසකය නේද උඹ.. ගෑණියෙක් අමාරුවෙ වැටුණම ඒකිගෙන් ප්‍රයෝජන ගන්න තරම් බල්ලෙක්ද උඹ”

අයිරාංගනී දුකටයි තරහටයි දෙකටම පිරුණු කඳුළු අල්ලෙන් පිහිදන ගමන් ආපහු එන්න හැරුනා.

-“මේ… ගෑණියෙ.. උඹ මට උපාසකකම උගන්නන්න එන්න එපා. මං හැදුවෙ බොට උදව් කොරන්න.මහලොකු කුමාරිහාමි.. පත්තිනි අම්ම වෙන්න කලින් ණයටික ගෙවල ඉඳපං. නැත්නම් බලාගමු. මේ මාටිං මුදලාලි නයා වගේ මිනිහා… හරී “

අයිරාංගනී බිම බලාගෙනම ආපහු එන්න හැරුනා.. එතකොටම මුදලාලිගෙ පොඩි එකා කඩේට දුවගෙන ආවා.දුවන ගමන් දන්සල දවස්වල ඉඳන් මේ වෙනකම් දාගෙන ගම පුරා නටපු වෙසක් මූණ ගැලවිල විසික් උනා. අයිරාංගනී ඒක ඇහිඳ ගත්තා.

“කොලුවෝ… මේං උඹේ කඩදහි වෙසක් මූණ”

-“ඕක නැන්ද අරං යන්ට. දැං වෙසක් ඉවරයිනේ.දැං ඕකෙන් වැඩක් නෑ “

අයිරාංගනී තමන් අතේ තිබුණ වෙස් මුහුණ දිහා බැළුවා. දිව එළියට ඇඳුණ ඒ විරූපී මුහුණ තමන් දිහා උපහාසයෙන් බලන් ඉන්නව වගේ ඇයට දැණුනා… කඩදාසි වෙස් මුහුණ අතේ ගුලිකරගනිපු අයිරාංගනී ආපහු කඩේ දිහාවට හැරුණා..

*  *  *  *  *  *  *

ඇයි මිනිස්සු වෙසක් කාලෙට විතරක් වෙසක් මූණු දාන්නෙ ?


දැන් මගේ බ්ලොග් එකේ followers ල 100 ක් වෙලා.Page views 52,000 පැනලා. පොඩි සතුටකුත් තියෙනවා. පෝස්ට් ලියවෙනව අඩු නිසා දුකකුත් තියෙනවා. බලමුකෝ ඉස්සරහට මේ වෙනුවෙන් දවසට පැය 2ක් විතර වෙන් කරගන්න..

අළුතෙන් තව පොඩි වැඩක් පටන් ගත්තා. පුංචි පුංචි සොෆ්ටෙයා කෑලි එකතු කරලා බ්ලොග් එකක්.. ඒක නම් නිතර අප්ඩේට් කරනවා සොෆ්ටෙයා ඕනතරම් තියෙන නිසා. මේක තමා අවුල. සොෆ්ටෙයා ඕනතරම් තිබුණට අදහස් ඕනතරම් එන්නෙ නෑනේ.
ඒ බ්ලොග් එකටත් ගොඩවදින්න කියලා ආරාධනා කරනවා. ඔයාලටත් මොකක් හරි හොයාගන්න අමාරු සොෆ්ටෙයා එකක් තියෙනව නම් කියන්න. මං දෙන්න උත්සාහ කරන්නම්.

logo

Like
Like Love Haha Wow Sad Angry

ලිපි වර්ගය: කතන්දර, සිතන්නට යමක්

Recent Posts

  • කැපවීම – උනන්දුව සහ කාලෙකට පස්සේ….

    5 years ago23 Comments
  • මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …

    6 years ago18 Comments
  • මගේ මුල්ම ජොබ් එක…

    6 years ago32 Comments
  • මම නොවන මම……..

    7 years ago20 Comments
  • ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..

    7 years ago45 Comments

About Yasith Gamage

27
ඔයාගේ අදහසත් කියලම යන්න...

Connect with
avatar
This comment form is under antispam protection
Connect with
avatar
This comment form is under antispam protection
newest oldest
Unknown
Guest
Unknown

අලේ මල්ලල්ලෑ බොලව්, ගිය ටිකෙ ඕක ගැන ගොඩාක් අය කතා වුනා.. ඒකේ හැබැයි වැරැද්දකුත් දකින්නෙ නෑ මම නම් :-w

Reply
2013-06-10 4:49 PM
Yasith Gamage
Guest
Yasith Gamage

X( ඒ මොකෑ බොලෑ වැරද්දක් දකින්නෑ කියන්නෙ ?

Reply
2013-06-10 5:07 PM
Dude
Guest
Dude

උඹ අන්තිම වාක්‍ය ලියලා නෑනේ යසිත්.

"මේක දීපං පුතේ උඹේ තාත්තට," අයිරාංගනී වෙස් මූණ කොල්ලගෙ අතට දීලා කිව්වා.

Reply
2013-06-11 3:33 AM
Unknown
Guest
Unknown

මල්ලි වෙසක් මුණ නෙවේ වෙස් මුණ වෙන්න ඕන. //ඇයි මිනිස්සු වෙසක් කාලෙට විතරක් වෙසක් මූණු දාන්නෙ ?// මේකට උත්තරේ විදිහට මට නම් හිතෙන්නේ, බොහෝ මිනිස්සුන්ට… Read more »

Reply
2013-06-11 3:49 AM
Unknown
Guest
Unknown

වෙස් මූණ වුණත් වෙසක් මූණ වුණත් කියවෙන්නේ පිටින් දා ගන්න මූණක් ගැන නේ… බොහෝ අය ගෙ හැටි.

Reply
2013-06-11 4:38 AM
Chams
Guest
Chams

වෙසක් කාලෙට විතරක් නෙවෙයි ගොඩක් මිනිස්සු ජීවිතකාලෙ පුරාමත් වෙස් මූණු දාගෙන තමයි ජීවත් වෙන්නෙ. ඒ වෙස් මූණ ඇතුලෙ හැංගිලා ඉන්න ඇත්ත කෙනාව අඳුරගන්න අනිත් අයට… Read more »

Reply
2013-06-11 5:03 AM
Unknown
Guest
Unknown

මේ කතා රචනා කලාවට මං කැමතියි. සමාජයේ බොහෝ දෙනෙක් කාට හරි උදව්වක් කරන්නේ තමන්ටත් යමක් බලාපොරොත්තුවෙන්. කතාවේ අවසානෙට හෙන්රි ගේ කොමෙන්ටුවේ කෑල්ලත් එකතු කරා නම්… Read more »

Reply
2013-06-11 7:27 AM
Anonymous
Guest
Anonymous

ඇත්ත ම කතාවක්. හුඟක් සැදැහැවත් උපාසයකන්ගේ වෙස් මුහුණට යටින් තියෙන ඇත්ත මුහුණ අපිට හිතා ගන්න බැරි තරම් පිළිකුල් සහගත යි.

Reply
2013-06-11 7:51 AM
Dinesh
Guest
Dinesh

කතාවනම් ලස්සනයි බං..

Reply
2013-06-11 8:14 AM
andhabinduwa
Guest
andhabinduwa

ඇයි මිනිස්සු වෙසක් කාලෙට විතරක් වෙසක් මූණු දාන්නෙ ?ඇත්ත තිත්තයි. සාමාන්‍යයෙන් හොරු තමා වෙස් මුනු දන්නේ වෙසක් කාලෙට පට්ට පජාත වැඩ කකරන උන් තමා ඔය.

Reply
2013-06-11 10:23 AM
රන්දු
Guest
රන්දු

ගොඩක් මිනිස්සු ඔහොමයි යසිත්. කොටින්ම අපි හැමෝමත් මේ කරන්නේ එක්තරා රඟපෑමක්.
ඒත් ඒක නරක විදියට කරන අය වැඩිවීම තමයි ප්‍රශ්නේ..

Reply
2013-06-11 9:06 PM
Yasith Gamage
Guest
Yasith Gamage

🙂 ඔව්නෙ… දැං පොඩ්ඩක් අවසානය වෙනස් කරා ආපහු

Reply
2013-06-12 12:42 AM
Yasith Gamage
Guest
Yasith Gamage

වෙසක් කාලෙට විතරක් නෙවෙයි හැමෝම හැම වෙලාවෙම ඉන්නෙ මුහුණු දාගෙන.. එක එක අවස්ථාවට එක එක මුහුණු 🙁

Reply
2013-06-12 12:47 AM
සමනළී
Guest
සමනළී

කතාව ලස්සනයි මල්ලි… සමහරක් මිනිස්සු මුළු ජිවිත කාලෙම වෙස් මුණු දාන් ඉන්නවා. වැඩේ තියෙන්නේ ඒ කෙනාව පිටතින් බලන අපිට අදුන ගන්න බෑ….

Reply
2013-06-12 3:08 AM
Yasith Gamage
Guest
Yasith Gamage

එකක් නෙවෙයි මුහුණු ගොඩාක් දාගෙන ඉන්නෙ 🙁

Reply
2013-06-13 12:34 AM
Yasith Gamage
Guest
Yasith Gamage

හ්ම්ම්ම්… ඒක නම් ඇත්ත :((

Reply
2013-06-13 1:09 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අන්තිම ටික වෙනස් කරා… 😀
ලෝකෙ හැමෝම යමක් කරන්නෙ අනිවා ඒකෙ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් 🙁

Reply
2013-06-13 1:12 AM
Yasith Gamage
Guest
Yasith Gamage

සමහර අපි පිළිකුල් කරන මිනිස්සුන්ගෙ ඇත්ත මුහුණ අපිට හිතාගන්නත් බැරි තරම් සෞම්‍යයියි 🙂

Reply
2013-06-13 1:37 AM
Yasith Gamage
Guest
Yasith Gamage

😀 thanks

Reply
2013-06-13 2:19 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව්… උන්ට ඒ කාලෙට මාර චාන්ස් :))

Reply
2013-06-13 2:22 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ලෝකය රඟමඩලකි.. අපි එහි මොකුන්ද වෙමු කියනවනේ 😀

Reply
2013-06-13 2:44 AM
Yasith Gamage
Guest
Yasith Gamage

අඳුරන්න බැරි අපිත් වෙස් මුහුණු දාගෙන ඉන්න නිසා 🙁

Reply
2013-06-13 2:53 AM
❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀
Guest
❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀

මිනිස්සු වෙසක් කාලෙට විතරක් නෙමේ වෙස් මූණු දාගෙන ඉන්නේ.. එකම වෙනස වෙසක් කාලෙට දාන්නේ සැදැහැති පින්බර ලෝකෝත්තර මූණ වීම විතරයි … දවසින් දවස කාලෙන් කාලේ… Read more »

Reply
2013-06-13 4:12 AM
Unknown
Guest
Unknown

machn "විවාහයට පෙර-නොමිලේ පොරොන්දම් බලමු" me post eke softwear eka hariyata weda ne neh bn. podak balanakoooo…….

Reply
2013-06-14 5:24 PM
Yasith Gamage
Guest
Yasith Gamage

🙂 ඔව්… එහෙම නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්නත් බෑ..

Reply
2013-06-16 1:54 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මං එතන කොමෙන්ට් එකක් දැම්මා.. 🙂

Reply
2013-06-16 1:55 PM
දේශකයා
Guest
දේශකයා

මම දාපු එකට කෙලවිලා.. ජය වේවා එහෙනං.. මුණු තිහ හතලිහක් ගලවන්න ඕන ඇත්ත මුන බලාගන්න

Reply
2013-06-18 1:17 AM

© 2021 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.

wpDiscuz