• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

අපේ කැරකෙන වෙසක් කූඩුව…

2013-05-29 දින රචනා කරන ලදී.

පහුගිය දවස් ටිකේම පෝස්ට් එකක් දාන්න තියා බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්නවත් බැරි උනෙත් මං හරීම බිසී නිසා මොකද දන්නවද ? අපි හැදුවනෙ කූඩුවක් 
මේක වෙසක් කූඩුවක්.. නිකංම නෙවෙයි අඩි 25ක් උස කැරකෙන කූඩුවක්
ඒත් පොඩි තාක්ෂණික මෙව්ව එකක් නිසා අඩි 25ක් උස උනෙත් නෑ කැරකුනෙත් නෑ ඒත් අවුලක් නෑ කොහොම හරි හැදුවනෙ.. දැං මෙතැන් සිට දිග හැරෙන්නේ ඒ මහා කූඩූ රාජයාගේ උත්පත්ති කතාවයි..

ලංකාව පුරාම හැම ආයතනයකම වගේ වෙසක් උත්සවයට සරසනවනේ. ඉතිං මං ඉගෙන ගන්න එකෙත් ඒක බොහොම ඉහලින් සමරනවා. ඒකට සමඟාමීව වෙසක් කූඩු තරඟෙකුත් පවත්වනව කියපු දවසෙ ඉඳන් ඔන්න අපේ කට්ටිය ෆෝම් උනා.. කොහොම හරි එක වෙන්න.. අපිත් ඉතිං හැදුව කියමුකෝ..

මුල ඉඳලම ප්ලෑන් කරපු විදියට තනිකර කූඩුව හැදෙන්නෙ ස්වාභාවික ද්‍රව්‍ය වලින්. (ඒත් ඒව එක්ක වැඩ කරන්න මෙච්චර අමාරුයි කියල දන්නව නම් පුරුදු සව් කොලෙන්ම අලවනව)

මේක තමයි කූඩුවෙ සැකිල්ල
වටේට ගොක් කොළ වලින් පැදුරක් වගේ වියුවා
අපි නම් දළදා මාළිඟාවෙ අනුරුවක් කියල හිතාගෙන හැදුවෙ. අනිත් අයට මොකක් වගේ පෙනුනද කියල නම් මං දන්නෙ නෑ..
පැටව් කූඩුවක් රෑ කාලයේ
මේ වගේ පරිවාර කූඩු 6ක් තියෙනවා.. මට බාරව තිබුනේ කූඩුව කරකවන වැඩෙයි ලයිට් වැඩ ටිකයි තමයි.. කරුමෙට නොකෙරුණෙත් ඒකමයි..
හරියට වැඩේ උනා නම් සම්පූර්ණ කූඩුවෙ ලයිට් රටා 18ක් දුවනවා. ඒ නිසාමයි සාම්ප්‍රදායික ෆ්ලෑෂර් ක්‍රමේට නොගිහින් සේරම සර්කිට් වලින් හැදුවේ.. (ඔන්න ඔතනයි අපිට වරදින්න පටන් ගැනීමේ මුල)
අපිට කරන්ට් එක දුන්නෙ ආයතනයේ ෆියුස්, ට්‍රිප් ස්වීච් වලට පිටින්. ඒ කියන්නෙ විදුලි මීටරේ ඉඳන් කෙලින්ම එන ලයින් එකෙන්. වැරදිලාවත් කරන්ට් එක වැදුනොත් බේරනව හෝ බේරෙනව නම් බොරු.
අපේ කොල්ලො ටික බොහොම ලස්සනට කූඩුව පද්ද පද්ද කෙසෙල් පිති හයි කරල තියෙන්නෙ.. දන්නෙම නැතුව රේසරේ අස්සෙන් ගියපු වයර් දෙකක සීරීමක් ඇති වෙලා.. කරන්ට් එක දීපු ගමන්…
…. හුචෝස්….
මගේ සතියක මහන්සිය දුමක් වෙලා පාවෙලා ගියා..
කොහොම හරි ඒ කතා වැඩක් නෑ. මට මතක විදියට අනිත් බැජ් වලින් එක්ක කූඩූ 4ක් හෝ 5ක් තරඟෙට තිබුණා. ඒකෙන් එකක් වැස්සට සෝදා පාළුවෙලා ගියා. අනිත් එකේ බෙයාරිං හිර කරන් කරකවා ගන්න බැරිව හිටියා.ඒකක් හොඳට තාමත් වැඩ කරනවා. කොහොම උනත් අවසානයේ පළමු තෑග්ග ඉදිරිපත් කරපු හැම කූඩුවටම සම සමව බෙදල දෙන්න තීරණය කරා.. (ඒක නම් මාරයි. විභාග ලකුණුත් එහෙම කරනව නම්…… )
වැදගත් දේ මේකයි.. අපි හදපු කූඩුව නෙවෙයි. කොල්ලන්ගෙ එකමුතුකම.. කූඩුවෙ වැඩිම බරක් ඇද්දෙ අපේ යාළුව හිරාන්.. එයා ක්‍රිස්තියානි.
  
මේ ඉන්නෙ හිරාන් කූඩුවටම දාල
ඊළඟට ගොඩක් උදව් කරපු එළ කොල්ලො දෙන්නෙක් තමයි ඉම්රාන් සහ බුෆල්ලා..මෙයාල මුස්ලිම්..
මේ ඉම්රාන් නසීර්
ඊළඟට කණක් ඇහෙන්න නැතුව වාද කර කර කූඩුවෙ වෙනස්කම් කරේ ප්‍රමෝද්, රසාංජන, කසුන්.. හපෝ මුං 3 දෙනාට එක මතයකට එන්න බැරි උනාම තියෙන වදයක් අපිට. එකෙක්ට රතු පාට ඕනලු, අනිත් එකාට නිල් වෙන්න ඕනලු, තව එකෙක්ට කොළ ඕනලු. අන්තිමට පාට 3න්ම දාල යන්තම් ඇඟ බේර ගත්තා..
කිසිම භේදයක් නැතිව කොල්ලො හැමෝම එකට වැඩ  කරා.. හැබැයි ඔය අතරෙ රුපියල් 100 ක් දික් කරාම ඔක්කොම හරි කියල හිතන් ඇඟ බේර ගනිපු උනුත් හිටියා. ඒ ගැන කතා නොකර ඉමු.
වැඩ කරපු කොල්ලො හැමෝම බැහැල වැඩ කරේ මේක බැජ් එකේ වැඩක් කියන හැඟීමෙන් විතරයි… මේකෙදි උන රස සිද්ධි නම් කියල ඉවර කරන්න බෑ.. ඊට වඩා ලේසියි ෆොටෝ ඇල්බම් එක දාන එක..
පෝය දවසෙ රෑ නම් නියමෙට සරසල තිබුණා.. මාරම ලස්සනයි..

 
එහෙනම් ඉතිං තවත් ලස්සන අත්දැකීම් ටිකක් ජීවිතේට එකතු කර ගත්තා.. ඒකට පුංචියට හරි උදව් කරපු හැමෝටම ස්තූතියි.. !
(හැබැයි මේ නිසා මේ පාර ගෙදරට කූඩුවක් හදන්න බැරි උනා නිදිමරල කොහේදෝ යන උණකුත් හදා ගත්ත. අවුලක් නෑ.. ඒක තමයි ජීවිතේ කියන්නෙ  
කොල්ලන් කොතනද ආතල් එතැනයි කියනවනේ.. මඩ ටිකක් ගැහුවෙ නැත්නම් අසම්පූර්ණ ගතියක් දැනෙනවා.. ඒ නිසා මේ photo album එකත් බලලම යන්නකෝ…

Like
Like Love Haha Wow Sad Angry
1

ලිපි වර්ගය: අත්දැකීම්-පෞද්ගලික

Recent Posts

  • කැපවීම – උනන්දුව සහ කාලෙකට පස්සේ….

    7 years ago23 Comments
  • මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …

    7 years ago18 Comments
  • මගේ මුල්ම ජොබ් එක…

    8 years ago32 Comments
  • මම නොවන මම……..

    8 years ago20 Comments
  • ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..

    8 years ago45 Comments

About Yasith Gamage

48
ඔයාගේ අදහසත් කියලම යන්න...

Connect with
avatar
This comment form is under antispam protection
Connect with
avatar
This comment form is under antispam protection
newest oldest
Unknown
Guest
Unknown

දළදා මාළිඟාවෙ අනුරුවක් නෙවේ පත්තිරිප්පුවේ අනුරුවක් නේද?

Reply
2013-05-29 6:50 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව් ඔව්.. පත්තිරිප්පුව තමයි.. ඒ කියන්නෙ අපි සාර්ථකයි 😀

Reply
2013-05-29 7:07 AM
Unknown
Guest
Unknown

සෑහෙන මහන්සියක් වෙලානේ බොලව්, හැබැයි ප්‍ර‍………තිඵල තියනවා.. 😉

Reply
2013-05-29 7:12 AM
Unknown
Guest
Unknown

Lassanayi lassanayi

Reply
2013-05-29 7:25 AM
Yasith Gamage
Guest
Yasith Gamage

මොකෝ අදින්නේ ? X(

Reply
2013-05-29 7:58 AM
Yasith Gamage
Guest
Yasith Gamage

♣ කූඩුවද ?
♣ සැරසිලිද ?
♣ කොල්ලො ටිකද ? 😛

Reply
2013-05-29 8:11 AM
දේශකයා
Guest
දේශකයා

කොහේද බං ඕක තිබුනේ

Reply
2013-05-29 8:42 AM
Anonymous
Guest
Anonymous

ෆොටෝ ටික නම් නියමයි
කූඩුවත් ලස්සනයි

කැරකුනේ නැතුවට කමක් නෑ. ඊලඟ පාර අඩුපාඩු හදාගන්න.

Reply
2013-05-29 9:43 AM
Unknown
Guest
Unknown

Hodai hodai

Reply
2013-05-29 10:30 AM
Anonymous
Guest
Anonymous

ලස්සණ යි! ලස්සණ යි! කූඩුව වගේ ම අර කොලුවෝ ටිකත් (ටෙලිෆෝන් නම්බර් එහෙම නැද්ද දන්නේ නැහැ නේද?) කූඩුව කැරකෙන්නේ නැහැ කියලා කියනකොට ම මට හිතුනා… Read more »

Reply
2013-05-29 10:56 AM
Unknown
Guest
Unknown

අපේ වැඩේ 100% සාර්ථක නොවුනට අපි ගොඩක් අත්දැකීම් ගත්තනේ.
ඒ හොදටම ඇති Macho.
මම ගැනත් special සදහන් කරාට ගොඩක් Thanks….

Reply
2013-05-29 1:46 PM
Chandana
Guest
Chandana

එල.. ඔහොම වැඩ වලදි හැමෝම එක්ක එකතු වෙලා වැඩ කරන කොට ලබන සතුට කියල නිම කරන්න බෑ. කොල්ලො සෙට් එකේ එකමුතු කම දැක්කම හරිම සන්තෝෂයි..

Reply
2013-05-29 3:29 PM
නාඩියා නාඩිරත්න
Guest
නාඩියා නාඩිරත්න

මාරු ඈ! අනිත් පාර කරකෙන්ඩ හදමු බං!

Reply
2013-05-29 5:15 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ගාල්ලෙනෙ.. NIBM එකේ.. 🙂

Reply
2013-05-29 6:13 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඊළඟ පාර මාසෙකට විතර කලින් කරන්න පටන් ගන්න ඕන.. නැත්නම් කල් මදි වෙනවා 🙁

Reply
2013-05-29 6:24 PM
Yasith Gamage
Guest
Yasith Gamage

පල පල… ගිහින් පාඩම් කරපිය.. තව මාස දෙකනෙ විභාගෙට :-O

Reply
2013-05-29 6:26 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ටෙලිෆෝන් කියන්නෙ කල් පැනපු භාවිතයෙන් ඉවත් වෙමින් පවතින මෙවලමක්නෙ නංඟී 😀 අපේ IT කොල්ලො ගාව පරණ බඩු නෑ.. ඕන නම් ස්කයිප් ID ටික ඉල්ලල දාන්නම්… Read more »

Reply
2013-05-29 6:28 PM
Yasith Gamage
Guest
Yasith Gamage

වෙසක් කූඩුවක් කියල නෑ.. හැම ආගමකම කොල්ලො සෙට් උනා. ඒකයි වැඩිපුරම සතුටු.. 🙂

Reply
2013-05-29 6:38 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මේකත් කැරකුණා………….. හුළඟට 😀

Reply
2013-05-29 6:39 PM
Yasith Gamage
Guest
Yasith Gamage

[im]http://avatarmaker.net/free-avatars/avatars/animated_214/happy_man_running_animated_avatar_100x100_50341.gif[/im]

Reply
2013-05-30 3:05 AM
Unknown
Guest
Unknown

කූඩුව කූඩුව :-))

Reply
2013-05-30 3:14 AM
Anonymous
Guest
Anonymous

අප්පේ, උඹලා හරි දියුණු වෙච්ච කොල්ලොනේ. අනේ මගේ කට 😀

Reply
2013-05-30 4:40 AM
නදිනි
Guest
නදිනි

ඉතිං බලන්න ආපු අයට ඕක වටේ කැරකෙන්න කිව්වා නම් හරිනේ බං….කූඩුව නම් ලස්සනයි, හදපු උන් තමයි අප්සෙට්

Reply
2013-05-30 4:50 AM
Unknown
Guest
Unknown

බෞද්ධ සංස්කෘතිය එකමතුකමේ තෝතැන්නක්. මොකද කලා නිර්මාණවලට වැඩි නැඹුරැවක් තියෙන්නේ බුදු දහම තුළ නිසා.
කූඩුව කැරකුනේ නැති උනාට වෙච්ච කැපකිරීම ඉහළයි.

Reply
2013-05-30 6:58 AM
...
Guest
...

ශා මේ සැරේ ගාල්ලේ එන් අයි බී එම් එකේ වෙසක් කලාපයක්ම හදලානේ!!!! ^_^ (y) (y) (y)

Reply
2013-05-30 10:25 AM
Chams
Guest
Chams

//මට බාරව තිබුනේ කූඩුව කරකවන වැඩෙයි ලයිට් වැඩ ටිකයි තමයි.. කරුමෙට නොකෙරුණෙත් ඒකමයි// =)) =)) =)) හිනාවුනාට ඇත්තම කිව්වොත් කට්ටියගෙ උත්සහය අගය කරන්න ඕන. මේ… Read more »

Reply
2013-05-30 11:03 AM
Dude
Guest
Dude

කූඩුව කැරකුනේ නැතත් මෙතන තියෙන එකමුතුවයි මම දැකපු සුන්දරම දේ.

Reply
2013-05-30 4:09 PM
andhabinduwa
Guest
andhabinduwa

ඔය තියෙන්නේ එලටම. කලින්ම පබ්ලිසිටියකුත් දුන්නනම් තමයි හොද

Reply
2013-05-30 5:18 PM
වැසි දැරිය - The Rain Girl
Guest
වැසි දැරිය - The Rain Girl

කූඩු ටික නම් ලස්සනයි… ජම්මාන්තර වෛරක්කාරයෙක් වුණත් වැඩේ මහන්සි වෙලා කෙරුවහම ලස්සනයි නොකියා බැහැනේ!!!!!!!!!!

Reply
2013-05-31 6:28 AM
වැසි දැරිය - The Rain Girl
Guest
වැසි දැරිය - The Rain Girl

බුවහහ්හෑහ්… ඇද්ද අහගත්තා හූ හූ!!!

අනේ මෝඩයෝ කට වහගන හිටිය නම් ඉවරනේ!!!!!!!!

Reply
2013-05-31 6:30 AM
වැසි දැරිය - The Rain Girl
Guest
වැසි දැරිය - The Rain Girl

කූඩුව කැරකෙන්නේ නැහැ කියලා කියනකොට ම මට හිතුනා ළාවට හරි යසිත් අයියා ගෑවී නොගෑවී ගිහින් ඇති කියලා

….:DDDDDDDDDDDDDDDDDDDDDDDDD

Reply
2013-05-31 6:33 AM
Yasith Gamage
Guest
Yasith Gamage

බලන්න ආපු අය වටේ අපි කැරකුණා :-*

Reply
2013-05-31 2:05 PM
Yasith Gamage
Guest
Yasith Gamage

මේකට නම් බෞද්ධ අබෞද්ධ හැමෝම එකතු උනා.. ඒකයි වටින්නෙ 🙂

Reply
2013-05-31 2:11 PM
Yasith Gamage
Guest
Yasith Gamage

වකා ගාල්ල ගැන හොඳට දන්නව වගෙයි :-/ :-/

Reply
2013-05-31 2:14 PM
අසරණයා
Guest
අසරණයා

කට්ටියම එකතු වෙලා කරපු වැඩේනම් බොහොම අගෙයි. ලොව වේගවත්ම කැරකෙන කුඩුව හැදුවේ අපි.

Reply
2013-05-31 2:21 PM
Yasith Gamage
Guest
Yasith Gamage

😀 ඊළඟ පාර තොරණක් ගහනවා.. මේක කරකැවුණෙ නෑ වගේ ඒක ලයිට් පත්තු නොවෙයිද දන්නෙ නෑ

Reply
2013-05-31 2:23 PM
Yasith Gamage
Guest
Yasith Gamage

ඔව්.. ලංකාවෙ දැනට තියෙන ප්‍රධාන ආගම් 3ම කොල්ලො එකට වැඩ කරා 🙂

Reply
2013-05-31 2:27 PM
Yasith Gamage
Guest
Yasith Gamage

කලින් දුන්න නම් වසලා හමාරයි 😀

Reply
2013-05-31 2:39 PM
Yasith Gamage
Guest
Yasith Gamage

හහ්… අපේ වැඩ කොහොමත් ලස්සනයි හරිද හලෝ 😛

වැඩත් ලස්සනයි අපිත් ලස්සනයි 😀

Reply
2013-05-31 2:46 PM
Yasith Gamage
Guest
Yasith Gamage

හී හී… තත්පරේට වට කීයක්ද ? 😛

Reply
2013-05-31 2:52 PM
AKM
Guest
AKM

එකමුතු බවේ සංඛේතය… 😀 අන්න එහෙමයි කොල්ලෝ ඉන්න ඕනි. එළකිරි. උඹ දන්නවද? මම මොකක් හරි කලොත් කෑල්ලෙන් කෑල්ල චෙක් කරනව. මුලින්ම සර්කිට් එක ගහන්න ඉස්සෙල්ලා… Read more »

Reply
2013-05-31 4:13 PM
AKM
Guest
AKM

සර්කිට් ටිකට කෙල වෙච්ච එකේ බල්බ් ටිකට එකකට එකක් ගානේ ස්විච් දැම්මනම් ඉවරනේ. අර බටර්ෆ්ලයි ස්විච් කියන්නේ අන්න එව්වා…. එහෙම කරලා කොල්ලෝ ටිකට ස්විච් ටික… Read more »

Reply
2013-05-31 4:34 PM
Yasith Gamage
Guest
Yasith Gamage

එහෙම යෝජනාත් ආවා.. කූඩුව අතින් කරකවන්නත් හැදුව 😛
ඒත් එතන විවෘත වැඩියි, මාට්ටු වෙනවා 😀

Reply
2013-06-01 6:18 AM
Blue Lotus
Guest
Blue Lotus

එකමුතුකම දැක්කම ආස හිතෙනවා. අපේ අනාගත පරම්පරාව ඔයාල ජාති ආගම් බේද නැතිව හරි සමගියෙන් වැඩ කරන කොට කාටද ආඩම්බර?

Reply
2013-06-03 10:36 AM
Yasith Gamage
Guest
Yasith Gamage

ෆේස්බුක් එකේ වගේ බොරුවට මරාගන්න කොල්ලො නම් මට තාම සැබෑ ජීවිතේ හම්බ වෙලා නෑ 🙂
මගේ වාසනාවට !

Reply
2013-06-03 3:23 PM
සමනළී
Guest
සමනළී

හපොයි….. කැරකුණේ නැද්ද මේක…. කමක් නෑ කමක් නෑ. උත්සහ කරපු එකම වටිනවනේ. අනික එකමුතුකම. ඒක වටිනවා හැමදේටම වඩා…. ඊලග පාරත් ට්‍රයි කරමු.හැබැයි පුළුවන් නම් ඔය… Read more »

Reply
2013-06-05 6:19 AM
Unknown
Guest
Unknown

හරිම අපූරුයි!

අපේ ශුභ පැතුම්.

Reply
2013-06-07 11:50 PM
රෙහානි
Guest
රෙහානි

පොසොන් වලටත් කුඩුවක් හදමු 🙂

Reply
2013-06-10 1:33 PM

© 2022 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.

wpDiscuz